හික්කඩුව නගරයේ පිහිටි සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි චෙකොස්ලොවියානු ජාතික යුවළකගේ කාමරයට ඇතුළු වී මුදල් සොරකම් කළ එම හෝටලයේම සේවකයකු අත...
හික්කඩුව නගරයේ පිහිටි සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි චෙකොස්ලොවියානු ජාතික යුවළකගේ කාමරයට ඇතුළු වී මුදල් සොරකම් කළ එම හෝටලයේම සේවකයකු අත්අඩංගුවට ගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි.
සැකකරු මෙකී හෝටලයේ හෝටල්කාමර සේවකයකු ලෙස සේවය කරන වඳුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙකී විදේශීය යුවළ කාමරයෙන් පිටතට පැමිණි අවස්ථාවේ හෝටල් සේවකයා කාමරයට රිංගා මුදල් සොරකම් කොට ඇත. ජංගම දුරකථනය අමතක වීම නිසා එය රැගෙන යෑමට විදේශීය කාන්තාව කාමරයට පැමිණ ඇති අතර මින් කලබලයට පත් හෝටල් සේවකයා කාමරයේ ඇඳක් යට රිංගා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකාර පුද්ගලයා යූරෝ මුදල් 180ක් සොරකම්කොට ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. ඉන් යූරෝ මුදල් කොටසක් සොයාගත් බැව් පොලිසිය පවසයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. හික්කඩුව පොලිසියේ ස්ථානාධිපති පී.එල් කිර්තිසිංහ, උ.පො.ප අශෝක, පො.කො (28583) විතාරණ, පො.කො (77789) සිල්වා යන නිලධාරීහු සැකකාර හෝටල් සේවකයා අත්අඩංගුවට ගත්හ.


COMMENTS