HomegossipGallery

Anarkali Akarsha-කාගෙත් ආදරය දිනාගත්ත අනර්කලී නාමල් වෙනුවෙන් ලංකාවට ඇවිත්.

අනර්කලී කාලයකට පස්සෙ නේද ලංකාවට ආවේ? ඔව්, මම අවුරුදු තුනකට විතර පස්සෙ තමයි ලංකාවට ආවේ. කාලෙකට පස්සෙ ලංකාවට ආවේ විශේෂ සැලසුමක්...



අනර්කලී කාලයකට පස්සෙ නේද ලංකාවට ආවේ?

ඔව්, මම අවුරුදු තුනකට විතර පස්සෙ තමයි ලංකාවට ආවේ.

කාලෙකට පස්සෙ ලංකාවට ආවේ විශේෂ සැලසුමක් එක්කද?

නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්න තමයි ලංකාවට ආවේ. නාමල් ඉස්සර ඉඳලම මගේ හොඳ යාළුවෙක්. එයාගේ විවාහ මංගල්‍යයට ආරාධනා කරද්දී නෑවිත් ඉන්න බෑ. අපි ඔක්කොම බලාගෙන හිටපු අවස්ථාවක් ඒක. ඒ නිසා නාමල්ගේ විවාහ මංගල්‍යයට අනිවාර්යයෙන්ම සහභාගි වෙන්න ඕනේ කියලා හිතුවා. 

පහුගිය කාලේ ඔබ රඟපාපු චිත්‍රපටයකුත් තිරගත වුණා. හැබැයි එය එළිදැක්වෙද්දී ලංකාවට ආවේ නැත්තෙ ඇයි?

චිත්‍රපටයේ මංගල දැක්මට විශේෂයෙන් එන්න ඕන කියලා කවුරුත් මට කිව්වේ නැහැ. ඒ චිත්‍රපටයේ මංගල දර්ශනය හදිසියේ සැලසුම්කරලා තිබ්බෙත්. මම ඉන්නෙත් දුර රටක. ඒ නිසා ලංකාවට එන්න වුණොත් ගොඩක් කලින් සැලසුම් කරලා තමයි එන්න ඕනෙ. ඒ නිසා චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වෙන්න මට බැරි වුණා. 

ලංකාවට ආවට පස්සෙ පරණ යාළුවො මුණගැහෙන්න ඇති?

ඔව්, මගේ යාළුවො ගොඩක් මුණ ගැහුණා. කවුරුවත් වෙනස් වෙලා නැහැ. හැමෝම තිබ්බ මිත්‍රත්වය එහෙම්ම තියාගෙන ඉන්නවා. මට හැම ක්‍ෂේත්‍රයකම යාළුවො ඉන්නවා. හැම යාළුවෙක්ම මට වටිනවා. මොකද ඒ හැම කෙනෙක්ගෙන්ම මම දෙයක් ඉගෙන ගෙන තියෙනවා. එයාලා මාව උනන්දු කරලා තියෙනවා.

අනර්කලී ලංකාවේ හිටපු ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඔබට නිර්මාණ වෙනුවෙන් හොඳ ඉල්ලුමකුත් තිබුණා. ඒ වගේ ඉල්ලුමක් තියෙද්දී ඔබ විවාහ වෙලා ලංකාවෙන් ගියා. ඒ ගැන පුංචිම හරි දුකක් නැද්ද?

ඇත්තටම පොඩ්ඩක් නෙමෙයි ගොඩක් දුක හිතුණා. නමුත් ලංකාවෙන් යන්න තීරණය ගන්න වුණා. අපේ මුළු පවුලෙම අය ඇමෙරිකාවේ ඉන්න නිසා මට ඇමෙරිකාවට යන්න වුණා. නමුත් මම හැමදාම ලංකාව ගැන හිතනවා. 

ගොඩක් රසික රසිකාවියෝ අහනවා ‘අක්කි ෆිල්ම් එකක රඟපාන්න ලංකාවට එන්නෙ නැද්ද කියලත්. ඒ නිසා තමයි මම අනර්කලී ලයිව් කියලා යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තේ. මම ලෝකයේ කොහේ හිටියත් මගේ රසිකයන්ට ඒ හරහා මගෙන් මොනවා හෝ දෙයක් දෙන්න ඕන කියන සිතුවිල්ලෙන් තමයි මම යූ ටියුබ් චැනල් එක පටන් ගත්තෙත්.

ලංකාවේ නොහිටියත් අනර්කලී කාටවත් අමතක වෙලා නෑ වගේ?

ඔව්, ඒක විශාලම භාග්‍යයක්. මම සමාජ මාධ්‍යවලින් මගේ ප්‍රේක්‍ෂකයන් අතරට එනවා. ඒ නිසා ගොඩක් අයගේ ප්‍රතිචාර මට ලැබෙනවා. නමුත් ලංකාවට ආවට පස්සෙ මට ඒ ආදරය ගොඩක් දැනුණා. සමහර අය හිත සතුටු කරන්න දේවල් කියනවනේ. නමුත් ලංකාවට ආවට පස්සෙ මට තේරුණා ගොඩක් අය මට ආදරෙයි කියලා. ඒ වගේම මගේ අඩුව තිබුණා කියලා ගොඩක් අය කිව්වා. මම ඕන තැනකට ගියාම හැමෝම ගොඩක් ආදරෙන් මාව පිළිගන්නවා. සමහර වෙලාවට ඒ ආදරේට මට ඇස්වලට කඳුළුත් එනවා. මෙච්චර ආදරයක් තාම මට ලැබෙන්නෙ කොහොමද කියලා අදහාගන්න බැහැ. 

ඔබව අමතක නොවී මතකයේ රැඳිලා තිබීමත් එක්තරා විධියක වාසනාවක් නේද?

අනිවාර්යයෙන්. ලංකාවේ ඉන්නෙ ගොඩක් ආදරණීය ජනතාවක්. ලංකාවේ අය ළඟ ආදරය, කරුණාව තියෙන නිසා නිරන්තරයෙන් කාගෙහරි හිතක් කාටහරි බැඳෙනවා නම් ඒක මැකිලා යන්නෙ නෑ ලේසියෙන්. ඒ වගේ ආදරයක් හැමෝගෙන්ම ලැබෙන්න තරම් භාග්‍යයක් මට තියෙනවා. මම ලංකාවට පුදුම විදිහට ආදරෙයි. මම හරි ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන. ඕනෑම කෙනෙක්ට මාව අමතක කරන්න පුළුවන් වුණත් කවුරුත් මාව අමතක කරලා නැහැ. මම ලංකාවේ හිටියේ නැහැ කියලා දැනෙන්නෙවත් නැහැ. ලැබෙන ප්‍රතිචාර ඒ තරම් දැනෙනවා. හැමෝම කිසිම වෙනසක් නැතුව බොහෝම ආදරයෙන් මාව පිළිගත්තා. සහතික ඇත්ත. මම ගොඩක් වාසනාවන්තයි. 

ඇමෙරිකාවේ ඔබ ගෙවන ජීවිතය ඇතුළෙ කලා කටයුතුවලට ඉඩ වෙන් වුණේ නැද්ද?

ඇමෙරිකාවට හුරු වෙන්න ටිකක් කල් ගියා. මොකද ඒ රට හාත්පසින්ම වෙනස් රටක්. දැන් මගේ ස්වාධීනත්වය තියෙනවා. ඒ නිසා බයක් නැහැ. ඒ නිසා දැන් මම වැඩවලට යොමු වෙන්න බලනවා. නමුත් ඒ කලා කටයුතුවලින් නෙවෙයි. මට ලංකාවේ අවස්ථාව ලැබිලා තියෙනවා විවිධ චරිත ඔස්සේ මගේ රංගන දක්ෂතාව ඔප්පු කරලා පෙන්නන්න. ඇමෙරිකාවේ තියෙන්නෙ වෙනම තරගයක්. මම බලන්නෙ සමාජයට වෙනස් දෙයක් ලබා දෙන්න. මගේ යූ ටියුබ් චැනල් එක හරහා සාර්ථක, ලෝකයේ පිළිගත් අය සමඟ කතා බහක යෙදිලා ඔවුන් සාර්ථක වුණේ කොහොමද කියන දේ ලෝකයට ගෙනියන්න මම උත්සාහ කරනවා. ජීවිතය ජය ගන්න ජනතාව උනන්දු කරවන්න අවශ්‍යයි. මට දැනිලා තියෙන විදිහට සමහර ටෙලි නාට්‍ය, චිත්‍රපටවලින් මිනිසුන් නොමඟ යවනවා. ඔවුන් මිනිසුන්ගේ ජීවිත අලෙවි කරනවා. සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන එක හරි ලස්සනයි. නමුත් ඒ දේවල් සදාකාලික නැහැ. මම ගොඩක් ආදර්ශවත් චරිත සමඟ කතාබහක යෙදිලා ඔවුන්ගේ අදහස් යොවුන් පරපුරට ලබා දෙන්න උත්සාහ කරනවා. යූ ටියුබ් චැනල් එකෙන් වගේම සමාජයට උදවු කරන්න පුළුවන් වැඩපිළිවෙළ එන්ටර්ටේන්මන්ට් හරහා කරන්න බලාපොරොත්තු වෙනවා. 

අනර්කලී ලයිව් වෙනුවෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති?

ඔව්, ලැබෙන ප්‍රතිචාර ගොඩක් ඉහළයි. ගොඩක් අය එහි වැඩසටහන් බලනවා. මම කරපු වෙනස ප්‍රේක්ෂකයන්ටත් තේරෙනවා. මට පුළුවන් දෙයක් පටන් අරගෙන කරගෙන යද්දී ‘ෂා මේක හරි වෙනස්. අන්තර්ජාතික මට්ටමකට තිබෙන වැඩක්’ කියලා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. 

“ලංකාවට ආවට පස්සෙ නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණද?

ඔව්, චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. ලංකාවේ ඉන්න කාලෙ ඇතුළත ඒ චිත්‍රපටය කරන්න හිටියේ. නමුත් චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ ප්‍රශ්නයක් වුණා. ඒ නිසා ඒ චිත්‍රපටය කරන්න ලබන අවුරුද්දට කල් දැම්මා. 

ඉදිරියේදී ලංකාවේ සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණොත් අනර්කලී ඒ වෙනුවෙන් කාලය වෙන් කරනවද?

අනිවාර්යයෙන්ම. නමුත් මට වෙනසක් කරන්න ඕන. ඉස්සර කරපු චරිතම නැතුව හොඳ වෙනස් කතාවක අභියෝගයක් තිබෙන චිත්‍රපටවල රඟපාන්න මම ආසයි. 

අනර්කලී දිගටම ඇමෙරිකාවේ රැඳෙයිද? ලංකාවේ පදිංචියට එන එකක් නැද්ද?

අපිට කිසිම දෙයක් හරියට කියන්න බැහැ. ජීවිතය කියන්නෙ දිගට ගලාගෙන යන දෙයක්. මිනිස්සු හැටියට අපි ඒ ජීවිතේ පාලනය කරන්න උත්සාහ කරනවා. නමුත් අපේ ජීවිතවල අපිට පාලනය කරන්න බැරි දේවල් සිද්ධ වෙනවා. සමහර විට මම ලංකාවට ඇවිත් ජීවත්වෙන්නත් පුළුවන්. ඇමෙරිකාවේ ඉන්නත් පුළුවන්. නැත්නම් වෙන රටකට යන්නත් පුළුවන්. කවුද දන්නෙ මොනවා වෙයිද කියලා. මම දවසින් දවස මුහුණ දීලා තමයි වැඩ කරන්නෙ. 

ඇමෙරිකාවේ ඉන්නකොට ඔබ ලංකාවේ නිර්මාණ රසවිඳිනවාද?

වෙලාවේ වෙනසක් තිබෙන නිසා සජීවී වැඩසටහන් නම් බැලෙන්නෙම නැහැ. ගීත ගොඩක් අහනවා. මම ආසම ගීත මගේ දුරකථනයට දාගෙන මම අහනවා. වෙලාවක් ලැබුණොත් ධදතඪදඥ වැඩසටහන් බලනවා. චිත්‍රපට බලන්න නම් අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ලංකාවේ චිත්‍රපටයක් නොවෙයි. බොලිවුඩ් චිත්‍රපටයක්වත් ළඟදී බලන්න බැරිවුණා. ඇමෙරිකාවේදී ඒ වගේ නිර්මාණයක් බලන්න කාලය හදාගන්න හරි අමාරුයි.

අනර්කලී විවාහ ජීවිතයට අනුගතවෙලා ගතකරන ජීවිතය ගැනත් කතා කරමු?

විවාහ ජීවිතයත් හො¼දයි. ගොඩක් අය හිතනවා විවාහ වුණාම ඒක ලොකු වෙනසක් කියලා. විවාහයේදී වෙඩින් එක තමයි වෙනසකට තියෙන්නෙ. විවාහය ජීවිතයේ කොටසක්. විවාහ වුණාට මම වෙනස්වෙලා නැහැ. ආසියානු රටවල අය කෙනෙක් බැන්දම කියන්නෙ ‘ ආ... දැන් එයා බැඳලනෙ කියලා’. ඒක හරියට කියන්නෙ දැන් එයාගෙ ජීවිතේ ඉවරයි වගේ. හැබැයි ඇමෙරිකාවේ අය එහෙම හිතන්නෙ නැහැ. විවාහ වුණත් හැමෝම සාමාන්‍ය විදිහට තමන්ගෙ ජීවිත ගෙනියනවා. එහෙ කවුරුත් වයසට යන එක ගැන, කෙනෙක් මහතයි කියන එක ගැන, කෙනෙක් කළුවෙලා කියන දේවල් කතා කරන්නෙ නැහැ. ඕනම තැනකට ගිහින් පිළිගැනීමක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්. 

සල්ලි ගොඩක් තිබ්බත් ටිකක් තිබ්බත් ඒ රටේ හැමෝටම එක විදිහට සලකන්නෙ. ඒක මට සුවිශේෂී වුණා. විවාහවෙලා කියලා කිසිම කෙනෙක්ට ඒ රටේ වෙනසක් නැහැ. තරුණ වුණත් වයස වුණත් කාන්තාවකට එකම විදිහකට සලකනවා. ආසියානු රටවල තමයි ඔයා බඳින්න ඉන්නෙ, ඔයා බැඳලනෙ ඉන්නෙ කියලා බෙදීම් හදාගෙන තියෙන්නෙ. තමන්ගෙ ජීවිතේ ලස්සන කරගැනීම, නොකරගැනීම තියෙන්නෙ තමන්ගෙ අතේ. 

ලංකාවේ වගේම විදේශගතවත් අනර්කලී ජීවත්වෙලා තිබෙනවනේ. ඔබ වඩාත් කැමති මොනවගේ සංස්කෘතියක් ඇතුළෙ ජීවත් වෙන්නද?

මගේ සංස්කෘතිය ඇතුළෙ ජීවත් වෙන්න තමයි මම කැමති. මම ලංකාවේ හිටියත් ඇමෙරිකාවේ හිටියත් මම ජීවත්වෙන්න මගේ් විදිහක් හදාගන්නවා. මම ඒක ලංකාවෙදිත් ඔප්පුකරලා තියෙනවා. පොඩි පොඩි අනර්කලීලා ලංකාවේ දැන් ගොඩක් ඉන්නවා. මම කවුරුත් වෙන්න හැදුවෙ නැහැ. නමුත් සමහරු මම වගේ වෙන්න යනවා. මම හැමතිස්සෙම මගේ දේවල් නිර්මාණය කරපු කෙනෙක්. මගේ විලාසිතා, මම හිතන විදිහ, මම ජීවත්වෙන විදිහ සියල්ල මගේ විදිහ. ඇමෙරිකාවේ වුණත් ගොඩක් වෙනස් රටක් නිසා ඒ රටට මුහුණ දෙන්න මම කාලයක් ගත්තා. මම රැල්ලට යන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම හැමතිස්සෙම බලන්නෙ මගෙ සතුට. මගේ පහසුව. ගොඩක් අය හරි අමාරුවෙන් වෙන අය වගේ වෙන්න හදනවා. ඒකෙන් වැඩක් නැහැ.

තමන්ගෙ අනන්‍යතාව තමයි වැඩියෙන්ම වටින්නෙ. තමන්ගෙ අනන්‍යතාව, තමන්ගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න ඕන හැම වෙලාවකම. ඒ දේවල් නැති වුණොත් හැමදෙයක්ම ඒ කෙනාට නැති වෙනවා. 

තමන්ට ඕන විදිහට තමන් ජීවත් විය යුතුයි, කියලද ඔබ හිතන්නෙ?

ඔව්, හැබැයි එහෙම කිව්වට පන්සලකට ගිහින් තමන්ට කැමති විදිහකට ඉන්න ඕනේ කියලා මම කියන්නෙ නැහැ. නමුත් තමුන් සඳහා කරන දෙයකදී තමන්ට අවශ්‍ය විදිහට නීති රීති අනුව කටයුතු කරන්න ඕන. අපි දැනගන්න ඕන හැමදේම සමබර කරගෙන තමන්ගේ අනන්‍යතාව තියාගෙන, තමන්ගෙ සතුට තමන්ගෙ වගකීම ලෙස සලකලා ජීවත් වෙන්න. එහෙම වුණොත් හොඳයි.

ආයෙත් ළඟදිම ලංකාවට එනවාද?

කතාකරගත්ත චිත්‍රපටයේ වැඩ පටන්ගත්තොත් ලබන අවුරුද්දෙ මුල වගේ ඒ චිත්‍රපටය කරන්න එනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ



















Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Anarkali Akarsha-කාගෙත් ආදරය දිනාගත්ත අනර්කලී නාමල් වෙනුවෙන් ලංකාවට ඇවිත්.
Anarkali Akarsha-කාගෙත් ආදරය දිනාගත්ත අනර්කලී නාමල් වෙනුවෙන් ලංකාවට ඇවිත්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv7jN-VWQw-uM2alIyb8s60QbVbnSa0otn2Cw6ZxzP0HI0mIBjxd3ItUovH-vBmSwDrHCdM8VKCaO7WySS-KbkAMkYGlS2tV9Bgex3DCjHSqGAe8djhKI9WywUiePjxSOb6l6tgVVeHH4/s640/10155774_1390271744526903_616024442_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv7jN-VWQw-uM2alIyb8s60QbVbnSa0otn2Cw6ZxzP0HI0mIBjxd3ItUovH-vBmSwDrHCdM8VKCaO7WySS-KbkAMkYGlS2tV9Bgex3DCjHSqGAe8djhKI9WywUiePjxSOb6l6tgVVeHH4/s72-c/10155774_1390271744526903_616024442_n.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/11/anarkali-akarsha.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/11/anarkali-akarsha.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy