HomegossipGallery

Oshadi Himasha Chavindi-Photo Shoot-කැත විදිහට බලන මිනිස්සුන්ට පෙන්නේ කැත විදිහටයි

වර්තමානයේ තරුණ ජනප්‍රිය තාරකාවියක් වුන ඕෂදී හිමාෂා මේ වෙද්දී කුලුඳුලේම මව් පදවියට සුදානම් වෙමින් ඉන්නවා කියන එක රහසක් නෙමෙයි. පහුගිය ...



වර්තමානයේ තරුණ ජනප්‍රිය තාරකාවියක් වුන ඕෂදී හිමාෂා මේ වෙද්දී කුලුඳුලේම මව් පදවියට සුදානම් වෙමින් ඉන්නවා කියන එක රහසක් නෙමෙයි. පහුගිය කාලේ කිහිප වතාවක්ම ඕෂදී මේ මව් පදවිය වක්ක සම්බන්ධ වුන බොහොම අපූරු ෆොටෝ ෂූට් කිහිපයක්ම කරලා තිබුනා. වරින් වර අපිත් ඔබට ඒ ගැන කිව්වා මතක ඇති. සාමාන්‍යයෙන් මව් පදවියට සුදානම් වෙද්දී ජනප්‍රිය තරු මේ වගේ ලස්සන ලස්සන ෆොටෝ ෂූට් කරන එක ලෝකේ අනිත් රටවලනම් මේ වෙද්දී හරිම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. හැබැයි අපේ ලංකාවට මේක තාම ටිකක් අලුත්. ඒත් ඇත්තෙම නෑ කියලා කියන්නත් බෑ.

කොහොම වුනත් ඔන්න මේ පහුගිය දවසක ඕෂදී තවත් අලුත්ම අලුත් ෆොටෝ ෂූට් එකක් කරලා තිබුනා. තමන්ගේ සැමියා මනෝජ් එක්ක ඕෂදී අරගෙන තිබුන මේ අපූරු පින්තූරවල කුලුඳුලේම දෙමව්පියන් වෙන්න යන සතුට ඔවුන් දෙදෙනාගේම මුහුණෙන් ඕනෑවටත් වඩා හොඳට දැකගන්න අවස්ථාව ලැබුනා. මොන තරම් ජනප්‍රිය කෙනෙක් වුනත් ඕෂදී එතැනදී හරිම සාමාන්‍ය තමන්ගේ ඉපදෙන්න ඉන්න දරුවා ගැන දහසක් බලාපොරොත්තු තබාගෙන ඉන්න මවක්.

ඉතින් මේ ඡායාරූප පෙළට ගොඩක් අයගේ ඉතා හොඳ ප්‍රතිචරා ලැබිලා තිබුනා. ගොඩක් අය මේ අලුත් අම්මටයි තාත්තටයි සුබ පතලත් තිබුනා. ඕෂදීගේ ප්‍රේක්ෂකයන් වගේම ක්ෂේත්‍රයේ හිතවතුන් වුනත් මේ ගැන ගොඩක් හොඳ අදහස් දක්වලා තිබුනා.

හැබැයි ඉතින් ඕනම තැනක හොඳ නරක දෙපැත්තක් පේන අය ඉන්නවනේ. ඉතින් ගොඩක් අයගේ සුබ පැතුම් මැද කිහිප දෙනෙක් මේ ගැන බොහොම නරක විදිහට කතා කරලා තියනවා. මේ ෆොටෝ ෂූට් එකේ ඕෂදී ඇඳගෙන ඉන්න ඇඳුම් ගැන තමයි ගොඩක් අයට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඕෂදී මේ කරලා තියෙන්නේ අම්ම කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් කරන්න හොඳ වැඩක් නෙමෙයි, ගැබිණි අම්ම කෙනෙක් ඇඟ පෙන්න ඔහොම අඳින්න හොඳ නෑ, ඒක අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ වගේ විකාර කතා ගොඩක් සමහර අය කියලා තිබුනා.

මේ වගේ කතාවලට මීට කලින් ඕෂදී කිසිම දවසක පිළිතුරු දෙන්න උනන්දු වෙලා නැති වුනත් මේ පාරනම් එයාගේ හිත ටිකක් තදින් රිදිලා කියලා අපිට දැනෙන්න ගත්තේ ඊයේ රෑ තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මේ ගැන ලොකු විස්තරයක් දාලා තියන නිසා. එයා මේ කරලා තියෙන්නේ මව් පදවියට අගෞරව වෙන විදිහේ වැඩක් නෙමෙයි වෙන රටවල පවා නිතර දකින්න ලැබෙන සාමාන්‍ය ෆොටෝ ෂූට් එකක් කියලත් ඕෂදී කියලා තියනව. ඒ විතරක් නෙමෙයි තමන්ට අපහාස කල හැමෝටම දැනෙන්න අම්මා කෙනෙක් විදිහට ඕෂදී මෙන්න මෙහෙම දිග කතාවක් එතැනදී කියලා තියනවා.

"මම මේ ප්‍රෙග්නන්සි ෂූට් එකක් කරලා තියෙන්නේ. නිරුවත ප්‍රදර්ශනය කරලා නෙමෙයි. මේක මගේ ආසාවක්. බොලිවුඩ් හොලිවුඩ් වල මේක සාමාන්‍ය දෙයක්. මෙතන නිරුවත ප්‍රදර්ශනය කරන්නේ නෑ. කැත විදිහට බලන මිනිස්සුන්ට පෙන්නේ කැත විදිහටයි. ගෑණියෙක්ට ඒ ආසාව කියලා නිම කරන්න බෑ. මුළු ලෝකෙට වුනත් කෑ ගහලා වුනත් කියන්න පුළුවන්. මේක මගේ ආසාවක්. වැරදි විදිහට බලනවට වඩා ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් දිහා බලන විදිහට බලන්න."

"අම්මා කෙනෙක්ට ළමයා අඬනකොට මිනිස්සු 1000ක් මැද්දේ වුනත් තනියම පුළුවන් විදිහට වහගෙන කිරි දෙනවා. පොඩ්ඩක් පෙනුණොත් අනේ ප්ලීස් ගල් ගහලා ඒ අම්මව මරන්න එපා..... "
























Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Oshadi Himasha Chavindi-Photo Shoot-කැත විදිහට බලන මිනිස්සුන්ට පෙන්නේ කැත විදිහටයි
Oshadi Himasha Chavindi-Photo Shoot-කැත විදිහට බලන මිනිස්සුන්ට පෙන්නේ කැත විදිහටයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6h69GTvd9tW0fzaUxJfhqSD3AW9YAQ-rn3kn8SPOOPD3K3zYcsWWoW9soLcH6bMcViKBR8ip-2v9kveitUyCsg0AlkQm5y_GyIo1rxE_JwYTEWqT3tAs8buSQR2U-uJqesqrVZgMMj88/s640/71311899_2504011026359396_4583673992614772736_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6h69GTvd9tW0fzaUxJfhqSD3AW9YAQ-rn3kn8SPOOPD3K3zYcsWWoW9soLcH6bMcViKBR8ip-2v9kveitUyCsg0AlkQm5y_GyIo1rxE_JwYTEWqT3tAs8buSQR2U-uJqesqrVZgMMj88/s72-c/71311899_2504011026359396_4583673992614772736_n.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/10/oshadi-himasha-chavindi-photo-shoot.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/10/oshadi-himasha-chavindi-photo-shoot.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy