Dishney Rajapakshe- මම පුංචි කාලේ ඉදලා හින දැක්කේ ලෝකයට යන්න කොහොම හරි

ඩිශ්නි රාජපක්ෂ කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් ඇයගේ රූපය මේ දිනවල නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිසා බොහෝ දෙනෙකුට ඇය ගැන මතක ඇති. ර...

ඩිශ්නි රාජපක්ෂ කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් ඇයගේ රූපය මේ දිනවල නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිසා බොහෝ දෙනෙකුට ඇය ගැන මතක ඇති. රංගන ශිල්පිණියක් හැටියට වගේම නිරූපණ ශිල්පිණියක් හැටියට කටයුතු කරන ඩිශ්නි පසුගියදා queen of international tourism කියන රූපරාජිණි තරගයට සහභාගී වෙලා ජයග්‍රහණය අත්පත්කරගන්න සමත් වුණා. ඒ ගැන හා ඇය ගැන අලුත්ම තොරතුරු ගැනයි මේ සංවාද සටහන.





ඩිශ්නි queen of international tourism තරගයට සම්බන්ධ වෙලා ජයග්‍රහණය අත්පත්කරගන්න සමත් වුණා. මුලින්ම ඒ ගැන කතා කරමු..?
මේ පැජන්ට් එක තිබ්බේ පිලිපීනයේ. රටවල් 40කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් තමයි මේ පැජන්ට් එක පැවැත්වුණේ. තරගකාරී මට්ටමක හා ප්‍රමිතියකින් යුතුව පැවැත්වුණු මේ තරගයේදී 2nd runner up ස්ථානය හිමිකරගනිමින් කිරුළක් හිස පළදගන්න වාසනාවන්ත වුණා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

ඔබ මිට පෙර ජාත්‍යන්තර පැජන්ට් සදහා සහභාගී වෙලා නැහැ නේද..?
මිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ මිස් වර්ල්ඩ් සදහා තේරී පත් වුණා. ඒ වෙද්දී මම නිරූපණය ගැන කිසිම දෙයක් දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. වේදිකාවේ ඇවිදින්නේ කොහොමද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. ජාත්‍යන්තර බියුටි පැජන්ට්වලට ගිහින් තිබුනේ නැහැ. නමුත් මම 2017 වර්ෂයේ රුසියාවේ පැවති ලෝක තරුණ නායකත්ව සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කළා. මේ පැජන්ට් එක තමයි මගේ ජාත්‍යන්තර පළමු අත්දැකීම වෙන්නේ.

අත්දැකීමක් නොතිබුණු නිසා ජයග්‍රහණයක් ගැන හිතන්න නැතිව ඇති..?
මම පැජන්ට් එකට සහභාගී වුණේ තනියම. එහි ජයග්‍රහණය හිමි කරගත් ඉක්වදෝරයේ රූ රැජිණට මේකප් කරන්න කොණ්ඩා විලාසිතා කරන්න වගේම අනෙකුත් සියළුම දේ සදහා 15 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් හිටියා. ඒ නිසා තරගයට සහභාගී වෙද්දී මට ලොකු බයක් දැනුණා. ජාත්‍යන්තර තරගයකදී වේදිකාවේ ඇවිදින ක්‍රමය පවා වෙනස්. මේ පැජන්ට් එකේ නැෂනල් ඩිරෙක්ටර් විදිහට කටයුතු කළේ රුක්මාල් සේනානායක සර්. එතුමා තමයි මට ඒ හැමදේම ඉගැන්නුවේ. ඒ නිසා මුලදී තිබුණු බය ටිකෙන් ටික නැති වෙලා ගියා. රටවල් 12 අතරට ශ්‍රී ලංකාව තෙරෙද්දී මට විශ්වාසයක් තිබුනා මේ ජයග්‍රහණයේ හිමිකාරිනිය මම තමයි කියන එක. ජයගන්න කොතරම් දක්ෂතා තිබ්බත් පිටරට පැජන්ට්වලදී ශ්‍රී ලංකාව ගණනකට ගන්නේ නැහැ. අපිට ලැබෙන්නේ අඩු සැලකිලි. ඒ හේතුව නිසාම මම නිතරම ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න උත්සහ ගත්තා. සමාජශීලි ලෙස හැසිරෙන්න උත්සහ ගත්තා. අවසානයේ මගේ දක්ෂතාවයට යම් තරමින් හෝ සාධාරණයක් ඉටු වුනා. අත්දැකීම් තිබුනේ නැහැ කියලා මම තරගයේදී පැත්තකට වෙලා හිටියේ නැහැ. උපරිම උත්සහ ගත්තා දිනන්න.

දක්ෂතා වටයේදී එක එක දක්ෂතා දක්වන්න සිදු වෙනවා..?
ඔව්. මම තෝරා ගත්තේ fire dance එකක්. ඒක මට පුහුණු කළේ ලලිත් පැරකුම් සර්. ඒ අයට ඒ ගැන ලොකු දැණුමක් නැහැ. ඒ නිසා මගේ නර්ථනය හැමෝම රසවින්දා වගේම පුදුමයට පත් වුණා. මමත් බයේ හිටියේ වැරදුණොත් එහෙම මගේ සිරුර පිළිස්සෙයි කියලා. මොකද අවසන් මහා තරගය අවසන් වෙලා නොතිබුණු නිසා. ඒ බය නිසාම වතුරත් ලගින් ගෙනත් තියාගෙන හිටියා. හදිස්සියේ හරි ගිනිගත්තොත් වතුර ගහන්න කියලා ලග හිටපු කණ්ඩායමට කිව්වා. ඒ තරගය අතරතුර මගේ තොලත් පිච්චුනා. දියපට්ට පවා දැම්මා. අන්තිමට උණ හැදුණා. අවසන් මහා තරගයට මුහුණ දෙද්දී ඒ අපහසුතා පෙන්නුවේ නැහැ.

ජාත්‍යන්තර පැජන්ට් එකක් වුවත් බොහෝ දෙනා භාවිතා කරන්නේ ඒ ඒ රටවල මව් භාෂාව. ඔබට භාෂාව ගැටලුවක් වුණේ නැද්ද..?
මේ පැජන්ට් එකේදී හොදට ඉංග්‍රීසි භාෂාව හැසිරුවේ මම තමයි. බොහෝ දෙනෙක්ට භාෂා පරිවර්ථකයින් හිටියා. ප්‍රශ්න උත්තර තරගයේදී විනිශ්චය මණ්ඩලයත් මගේ දැනුම හා භාෂාව ගැන සතුටු වුණා.

නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ ලෝකයේ බොහෝ රටවල පිළිගත් ක්ෂේත්‍රයක්. නමුත් අපේ රටේ හතු පිපෙනවා වගේ පැජන්ට් පවත්වන්නේ. ඒ නිසා මේ වගේ පැජන්ට් එකකට සම්බන්ධ වෙද්දී ඔබට කැළලක් වෙයි කියලා හිතුණෙ නැද්ද..?
ප්‍රමිතියකින් තොරව පවත්වන පැජන්ට් ලංකාවේ ඕන තරම් සංවිධානය කරනවා. මටත් ආරාධනා ලැබිලා තියෙනවා ඒ සදහා. ඒවායේ ප්‍රමිතියක් මමත් දැක්කේ නැහැ. මම පුංචි කාලේ ඉදලා හින දැක්කේ ලෝකයට යන්න කොහොම හරි. ඒකට හොදම අවස්ථාව තමයි මේ පැජන්ට් එක කියලා මට හිතුනා. ඒ නිසයි සම්බන්ධ වුණේ.

මෙවැනි කටයුත්තකදී මුල්‍ය හෝ ලිංගික අල්ලස් ගන්න බවට මතයක් තියෙනවා...?
මේ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයකදී දැන් මුදල් හෝ ලිංගික අල්ලස් ගන්නවා. යම් ක්ෂේත්‍රයක ඉහළට යන්න නම් ඇතැම් අය ඒ දෙකට යටත් වෙනවා. මම නම් ඒක හොද දෙයක් හැටියට දකින්නේ නැහැ. ඒ මතය බොරුවකුත් නෙමෙයි.

ඔබට ලිංගික අල්ලස් සදහා ආරාධනා ලැබිලා නැහැ කිව්වොත් ඒක බොරුවක්..?
මම කියන කතාව කිසිම කෙනෙක් පිළිගන්න එකක් නැහැ. නමුත් මම කියන්නේ ඇත්ත මට තවම ඒ වගේ ආරාධනා ලැබිලා නැහැ. මම ක්ෂේත්‍රයේ ඉන්න පිළිවෙල නිසා ඒ වගේ ආරාධනාවක් මට කරන්න බය ඇති. නමුත් මම ලගින්ම ඉන්න මගේ යාලුවෝ කිහිප දෙනෙක්ටම ඒ වගේ ආරාධනා ඇවිත් තියෙනවා.

මේ වගේ පසුබිමක් තියෙන ක්ෂේත්‍රයක් තෝරා ගන්නවට දෙමාපියන් විරුද්ධ වුනේ නැද්ද..?
මගේ පවුල හරිම වැදගත් පවුලක්. ඒ නිසා මගේ දෙමාපියන් විරුද්ධ වුනා. නමුත් ඒ මගේ හීනය. ඒ නිසා එයාලට කරදරයක් නොකර ඒ අයගේ ගෞරවයත් රැකගෙන තමයි මම මේ ගමන යන්නේ. ගෙදරින් උපරිම සහයෝගය ලැබෙනවා. මට ඉන්නේ නංගිලා දෙන්නෙක්. ලොකු නංගි ගුවන් සේවිකාවක්. පොඩි නංගි ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබනවා.

රංගන කටයුතු ගැන කිව්වොත්..?
ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුනා. තවත් දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. සිනමා නිර්මාණ සදහා වැඩි දායකත්වයක් ලබා දෙන්න තමයි මම කැමැත්තෙන් ඉන්නේ. කලාත්මක හා ප්‍රමිතියෙන් යුතු නිර්මාණ සදහා සම්බන්ධ වෙන්න තමයි මම නිතරම උත්සහ ගන්නේ.

හර්ෂණී වීරරත්න
























COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Dishney Rajapakshe- මම පුංචි කාලේ ඉදලා හින දැක්කේ ලෝකයට යන්න කොහොම හරි
Dishney Rajapakshe- මම පුංචි කාලේ ඉදලා හින දැක්කේ ලෝකයට යන්න කොහොම හරි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPUdjwABbSYv5kt7RP8oAZ3XkEUQAIyD3xtLhVcLfS0HEDeA_n_Oz1b8AjLWmCzuxrmmIEZWeSMsXuHLeAT4W2wHn5fCYk9hsU4QFT27jwG_oAPjJCC-Flt2acV5busHNc18oLwmE6KA8/s1600/20191016Dishni-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPUdjwABbSYv5kt7RP8oAZ3XkEUQAIyD3xtLhVcLfS0HEDeA_n_Oz1b8AjLWmCzuxrmmIEZWeSMsXuHLeAT4W2wHn5fCYk9hsU4QFT27jwG_oAPjJCC-Flt2acV5busHNc18oLwmE6KA8/s72-c/20191016Dishni-1.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/10/dishney-rajapakshe.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/10/dishney-rajapakshe.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy