බාල වයස්කාර පාසල් ශිෂ්‍යාවක් දූෂණය කිරීමේ චෝදනාව මත සැකපිට බස්රථ කොන්දොස්තරවරයෙකු මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම බ...
බාල වයස්කාර පාසල් ශිෂ්‍යාවක් දූෂණය කිරීමේ චෝදනාව මත සැකපිට බස්රථ කොන්දොස්තරවරයෙකු මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බාලවයස්කාර දැරිය කඹුරුගමුව පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය උදෑසන පාසල් යාමට පාසල් නිල ඇඳුමින් සැරසී නිවසින් පිටත්ව තිබේ.
පසුව යටියන මාතර මාර්ගයේ ගමන් කරන බස් රථයක් කිසියම් ස්ථානයක ගාල් කර තිබිය දී එම බස් රථය තුළ දී මෙම පාසල් ශිෂ්‍යාව පාසල් නිල ඇඳුම් ගලවා වෙනත් ඇඳුමක් මාරු කර ගෙන ඇත .
පසුව එම බස් රථයේ කොන්දොස්තරවරයා සමග මාතර වෙරළ පාරේ බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ ලැගුම් හලකට ගොස් එම කාමරය තුළ දී මෙම අපරාධය සිදුකර ඇති බවට දැරියගේ පවුලේ ඥාතීන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එම කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
යටියන මාතර ප්‍රධාන මාර්ගයේ බස් රථයක කොන්දොස්තරවරයෙකු සමග මෙම දැරිය ප්‍රේම සම්බන්ධතාවයක් මීට සති කිහිපයක් තුළදී ඇති කරගෙන ඇති බවට අනාවරණය විය. සිද්ධිය සම්බන්ධව මාතර මූලස්ථාන පොලීසිය පොලිසිය පරීක්ෂණ සිදු කරයි .
COMMENTS