අද රාජගිරිය මැතිවරණ කාර්‍යාලයේ නාම යෝජනා භාර ගැනීම සිදු වෙමින් තිබියදී එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එහි පැමිණ...
අද රාජගිරිය මැතිවරණ කාර්‍යාලයේ නාම යෝජනා භාර ගැනීම සිදු වෙමින් තිබියදී එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එහි පැමිණියා.
ඇයට මැතිවරණ කාර්‍යාලයට ඇතුල් වීමට අවශ්‍ය අවසර පතක් තිබී නොමැති අතර ඇය තම පාර්ලිමේන්තු අවසර පත්‍රය ඉදිරිපත් කරමින් එහි ඇතුල් වීමට උත්සාහ කරන අවස්ථාවේ ජනපති අපේක්ෂකයන්ට සහය පළ කිරීමට එහි පැමිණ සිටි ජනතාව හූ කියමින් ඇයට විරෝධය පළ කරන ආකාරය දක්නට ලැබුණා.
එයින් ඇති වූ කලබලකාරී තත්වය එහි යොදවා සිටි ආරක්ෂක අංශ විසින් පාලනය කරන්නට සමත් වුනා.
COMMENTS