ලෝක ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියක් වුන සනී ලියෝන් මේ දවස්වල ටිකක් විශේෂ වැඩක් නිසා ගොඩක් අයගේ අවධානයට ලක්වෙලා තියනවා කිව්වොත් හරි. අභිමන...
ලෝක ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියක් වුන සනී ලියෝන් මේ දවස්වල ටිකක් විශේෂ වැඩක් නිසා ගොඩක් අයගේ අවධානයට ලක්වෙලා තියනවා කිව්වොත් හරි. අභිමන්යු කියලා ඉන්දියාවේ පැවැත්වෙන විශේෂ නර්තන ප්‍රසංගයකට සහභාගී වුන අවස්ථාවක් ගැන දැන් මේ කියන්න හදන්නේ.
ඒ උත්සවයේ ඇය සිය රංගනය ඉදිරිපත් කිරීමට සැදී පැහැදී සිටි බවත්, එහි එක් රංගනයක් සඳහා ඇය කිලෝග්‍රෑම් 15ක් පමණ බර ලෙහෙන්ගයක් හැඳ සිටි බව තමයි වාර්තා වෙන්නේ.
මෙහි නර්තන අංගයන් නිර්මාණය කර ඇත්තේ කතක් නර්තන ප්‍රවීණයෙකු වන සන්දීප් මහාවීර් විසින්.
මේ අභිමන්යූ නර්තන ප්‍රසංගය සන්දීප් මහාවීර්ගේ කාලයක සිට තිබුණු හීනයක් සැබෑ වීමක් කියලා තමයි ඔහු හඳුන්වන්නේ. ඒ වෙනුවෙන් සනී ලියෝන් ලොකු සහයිගයක් දුන්න කියලත් ඔහු කියනවා. මේ වෙනුවෙන් සනී ඇතුළුව නර්තන ශිල්පින් 60 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සහභාගී වෙලා තියනවා. ඒ වෙනුවෙන් සනී ඇතුළු කණ්ඩායම දිනකට පැය ගණනින් පුහුණුවීම්වල නිරත වුනා කියලත් දැනගන්න ලැබෙනවා.
මෙම ප්‍රසංගය ඉන්දියානු සම්භවය නර්තන ප්‍රසංගයක් වන නමුත් කතක් සහ හිප් හොප් නර්තනයද එක්තරා ආකාරයකට එක්වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
COMMENTS