Teena Shanel-බොහෝ විට මම ගුවන් සේවිකාවක් වේවි

නිරූපිකාවක් ලෙස නමක් දිනා සිටින ටීනා ෂනාලි වර්තමානයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගැනීමට සමත්ව ඇත්තේ රංගන ශිල්පිනියක ලෙසය. පසුගිය දිනවල විවිධ ක...



නිරූපිකාවක් ලෙස නමක් දිනා සිටින ටීනා ෂනාලි වර්තමානයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගැනීමට සමත්ව ඇත්තේ රංගන ශිල්පිනියක ලෙසය. පසුගිය දිනවල විවිධ කලා නිර්මාණ හරහා දුටු ටීනා ඉදිරියේදී යළිත් වරක් සිනමා නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබේ. මේ ඇය සමග කළ කතා බහයි.




ටීනා නිරූපණයට සම්බන්ධ වුණේ ඇයි?

තෙරේන කාළේ ඉඳලා මට තිබුණ හීනයක් තමයි නිරූපණයට හෝ රංගනය පැත්තට යොමු වෙනවා කියන්නේ. පාසල් යන කාළේ ගොඩක් වෙලාවට කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා. විශේෂයෙන්ම නර්තනය, රංගනය. ඒ තිබුණ කැමැත්තත් එක්ක තමයි මේ ක්ෂේත්‍රවලට යොමු වුණේ කිව්වොත් හරි.



නිරූපණයට හෝ රංගනයට ඔබ යොමු නොවුණා නම්?

බොහෝ විට මම ගුවන් සේවිකාවක් වේවි. මොකද, නිරූපණයට හා රංගනය පැත්තට පස්සේ මගේ ලොකුම කැමැත්ත තිබුණේ ඒ දේට. අදටත් ඒ කැමැත්ත මගේ අඩු වෙලා නැහැ.



ඔබට මේ හැම දෙයක්ම ලැබුණේ නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වීමත් සමග කිව්වොත් හරිද?

ඔව්, නිරූපිකාවක් විදිහට මම අද නිරූපණ ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයන් අතර ආදරණිය චරිතයක් වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ හැම දෙයක්ම මට ලැබුණේ මම නිරූපිකාවක් විදිහට වැඩ කරද්දි.



නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට පරිවර්තනය වුණේ කොහොමද?


ප්‍රියන්ත කොළඹගේ අයියාගේ "දේදුනු ආකසේ" චිත්‍රපටයට සම්බන්ධ වීමත් සමග තමයි රංගනයට ආවේ. දැනට ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. රංගනය කියන දේ මට තෙරේන කාළේ ඉඳලා මගේ ඇගේ තිබුණා.

ඇත්තටම ඒ තිබුණ දක්ෂතාවය අද මට රංගන ශිල්පිනියක් විදිහට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණ එක ගැන ගොඩක් සතුටු වෙනවා.



නිරූපිකාවක් විදිහට වර්තමාන ක්ෂේත්‍රය ගැන සුබවාදිව දකිනවා?

ඇත්තටම නැහැ. මොකද, අලුත් පිරිස් සම්බන්ධ වීමත් එක්ක නිරූපණ ක්ෂේත්‍රය තුළ ලොකු කඩා වැටිමක් වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් අද නිරූපිකාවන් ගණන් ගන්නේ නැති මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ප්‍රමිතියක් නැතිව පැජන්ට් පවත්වනවා. නිරූපණය ගැන කිසිම දෙයක් දන්නේ නැති පිරිස් ඔය වගේ ප්‍රමිතියක් නැති දේවල්වලට සම්බන්ධ වෙලා නිරූපණ ක්ෂේත්‍රය විනාශ කරනවා. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ඉහළ තැනක තිබුණා. දක්ෂ නිරූපිකාවෝ බොහෝ දෙනෙක් හිටියා. ඒ අයගෙන් අපිට ඉගෙන ගන්න දේවල් තිබුණා. නමුත්, අද එහෙම නැහැ.



නිරූපණ ක්ෂේත්‍රය තුළ කළකිරීමක් තියෙනවාද?

නැත්තෙමත් නැහැ. නමුත්, මම දැන් ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ නිළියක් විදිහට ඉදිරියට යන්න. එහෙම කියලා නිරූපණ ක්ෂේත්‍රය අත්හරින්නේ නැහැ. හොඳ ක්ලාත්මක දේවල්වලට දායක වෙනවා. මොකද, මම ආවේ මේ ක්ෂේත්‍රය හරහා. මම තවමත් මේ ක්ෂේත්‍රයට කැමතියි. ඒ හින්දා ඒක අත්හරිනවා කියන්නේ මට අපහසු දෙයක්



ටීනාව නැවතත් අපිට නිළියක් විදිහට දකින්න පුළුවන්ද?

දැනට මම සිනමා නිර්මාණ 5කට දායක වෙලා තියෙනවා. ඒ අතරින් තවමත් ප්‍රදර්ශනය වෙලා තියෙන්නේ සිනමා 2ක් පමණයි. බෙනට් රත්නායක, උදයකාන්ත වර්ණකුලසුරිය හා සමීර වක්වැල්ල කියන අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට තුනක මාව ඉදිරියේදී දකින්න පුළුවන්.



බුද්ධික සේනාධීර

ඡායාරූප - දසුන් යසිරු













COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Teena Shanel-බොහෝ විට මම ගුවන් සේවිකාවක් වේවි
Teena Shanel-බොහෝ විට මම ගුවන් සේවිකාවක් වේවි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ_5tJhOTK4MnILH-nGId9afD9fIsVuXlFLvTwd5jiSFF5FceXorzeHvs37oF9cuhVzAlh5-xMcCX62e2rmLyN61-IQUWWuN3TPfpZbsEsc1qUouNzoOLVUaYtRIlK901du4EhdOEDCNM/s640/70000260_1511377442335404_4215491185340317696_o.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ_5tJhOTK4MnILH-nGId9afD9fIsVuXlFLvTwd5jiSFF5FceXorzeHvs37oF9cuhVzAlh5-xMcCX62e2rmLyN61-IQUWWuN3TPfpZbsEsc1qUouNzoOLVUaYtRIlK901du4EhdOEDCNM/s72-c/70000260_1511377442335404_4215491185340317696_o.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/10/blog-post_20.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/10/blog-post_20.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy