Naagin ඉන්දීය කතා මාලාව හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත මේ වෙද්දී බොලිවුඩ් සිනමා කර්මාන්තයේ උණුසුම් තාරකාවි...
Naagin ඉන්දීය කතා මාලාව හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත මේ වෙද්දී බොලිවුඩ් සිනමා කර්මාන්තයේ උණුසුම් තාරකාවියක් වුන මවුනි රෝයි එහෙමත් නැත්නම් ශිවන්‍යා ගැන අලුත් ආරංචියක් තමයි මේ කියන්න යන්නේ.
මේ දවස්වල ඇය තමන්ගේ උපන්දිනය සමරන්න තායිලන්තයේ සංචාරයක නිරත වෙනවා කියලා ඔන්න අපිට දැනගන්න ලැබෙනවා. මේ අතරේ තමන්ගේ මේ උපන්දින නිවාඩුවේ ලබාගත් බොහොම සරාගී අපූරු ඡායාරූප කිහිපයක් ඇය තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලත් තියනවා. ඒ ඡායාරූප අන්තර්ජාලයට එකතුවීමත් සමග බොහෝදෙනාගේ අවධානය ඒ වෙත යොමු වෙන්න විශේෂ හේතුවක් තිබුනා කිව්වොත් හරි.
ශිවන්‍යා ඇයගේ මිතුරන් සමග මුහුදු වෙරළේ විනෝද වන පින්තූර කිහිපයක් තමයි මේ විදිහට දැකගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම ඒවායේ ඇය හැඳ සිටින ඇඳුම් සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ වෙද්දී කතා කරන්න පටන් අරන් තියනවා.
මේ අතර තිබූ ඇය බිකිනියකින් සැරසී ගත් සරාගී ඡායාරූප කිහිපය වැඩි වශයෙන් ඇයගේ ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වෙලා තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම ඇයගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතපු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ''Cathartic tears of joy reading all your birthday wishes & msgs. Donot know how to say how grateful I am. Thank you''???????? කියලා ස්තුති පණිවිඩයක් තියන්නටත් මවුනි අමතක කරලා තිබුනේ නෑ.
COMMENTS