අවිස්සාවේල්ල, තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස් බුක් සාදයක් පෙරේදා (12) රාත්‍රී වැටලූ අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීහු...
අවිස්සාවේල්ල, තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස් බුක් සාදයක් පෙරේදා (12) රාත්‍රී වැටලූ අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක්, මත්ද්‍රව්‍ය සමග තරුණියන් සිව්දෙනකු සහ තරුණයන් 21 දෙනකු ඇතුළුව 25 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ෆේස් බුක් හරහා ලද තොරතුරකට අනුව අදාළ හෝටලය වටලා මෙම තරුණ තරුණියන් කොටු කරගත් බවත්, තවත් පිරිසක් පලාගිය බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ තරුණ තරුණියන් බොහෝ දෙනකු මත්ද්‍රව්‍ය භාවිතා කරමින් විනෝද වෙමින් සිටි බව පොලිසිය පැවසීය.
මෙහිදී මත්කුඩු මිලිග්‍රෑම් 1315 ක්ද, අයිස් මිලිග්‍රෑම් 525 ක්ද, ගංජා ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 210 ක්ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.
මීට අමතරව මෙම තරුණ තරුණියන් පැමිණි යතුරුපැදි හා ත්‍රිරෝද රථ 10 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් අවුරුදු 20 ත් 25 ත් අතර වයසේ පසුවන ඇඹිලිපිටිය, දෙහි ඕවිට, කොස්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මොවුන් බොහෝ දෙනෙක් මත් ගතියෙන් සිටි බව පොලිසිය පවසයි. මොවුන් සියලූ දෙනා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS