වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක් තමයි ඩයනා කුමරිය කියන්නේ. ඉතින් ඩයනා - චා...
වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක් තමයි ඩයනා කුමරිය කියන්නේ. ඉතින් ඩයනා - චාර්ල්ස් මෙම ආදරණිය යුවළට ලොවක් ආදරය කලා සේම ඉන් කලකට පසු ලොවක් හඬවමින් සිදුවූ ඇයගේ මරණය පිලිබදවද ලෝකයේ දැඩි අවධානයක් යොමු වුණා.
එංගලන්තයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේ ම අවධානය දිනාගත්ත සුප්‍රසිද්ධ යුවළක් වුණු මෙම ආදරණිය යුවළගේ මතකය ගැන සදහන් වෙමින් මේ දිනවල අපූරු පුවතක් වාර්තා වෙලා තිබෙනවා. ඒ ඩයනාගේ පෙනුමට ඉතාමත්ම සමාන පෙනුමකින් යුත් කාන්තාවක් සහ චාර්ල්ස් ගේ පෙනුමටද ඉතාමත්ම ආසන්න පෙනුමකින් යුත් පුද්ගලයෙක් පිලිබදව විදෙස් මාධ්‍ය සදහන් කර තිබීමයි.
නමින් Emma Corrin වන ඇය ඩයනා කුමරියට සමාන පෙනුමකින් මෙන්ම ඇගේ විලාසිතාවලටද ඉතාමත්ම සමාන බවට සහ Josh O'Connor ද චාර්ල්ස් ගේ ස්වරූපයට සමාන වූ පුද්ගලයෙක් බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
ඩයනා සහ චාර්ල්ස් තම රථයෙන් ගමන් ගන්න අයුරින්ම මෙම දෙදනාගේත් වීඩියෝවක් පටිගත කර තිබෙන අතර කෙසේවෙතත් මෙම ඡායාරූප අන්තර්ජාලයේ පල වීමත් සමඟ ලෝකය අවධානය නැවතත් ඩයනා සහ චාර්ල්ස් දෙසට හැරී තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.
මේ අන්තර්ජාලයේ පල වුණු අපූරු ඡායාරූප කිහිපයක්..............
COMMENTS