චාර්ජ් කරමින් තිබුන තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය ඇඳේ කොට්ටය යට තබාගෙන නින්දට ගිය පාසල් සිසුවියක් එය හදිසියේ පුපුරා යාම හේතුවෙන් මියගිහින...
චාර්ජ් කරමින් තිබුන තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය ඇඳේ කොට්ටය යට තබාගෙන නින්දට ගිය පාසල් සිසුවියක් එය හදිසියේ පුපුරා යාම හේතුවෙන් මියගිහින් තියනවා. මේ පුවත වාර්තා වෙන්නේ කසකස්ථානයෙන්. Alua Asetkyzy Abzalbek නම් වූ තවමත් වයස 14ක් පමණක්වූ මේ දැරිය ගීත අහන්න බොහොම ප්‍රියකරන්නියක් බවත් ඒ නිසාම සෑම දිනම නින්දට යන්නේ තම ජංගම දුරකතනයෙන් ගීත අසමින් බවත් දැනගන්නට ලැබෙනවා.
පසුදා උදෑසන දුරකතනයේ බැටරිය ඇගේ හිසට ආසන්නව පුපුරා යාමෙන් ඇය මියගොස් ඇති බව දෙමව්පියන්ට දැකගන්නට ලැබී තිබෙනවා. මෙම අනතුරින් අයගේ හිසට බරපතල තුවාල සිදුව ඇති අතර පිපිරිම සිදුවූ වහාම ඇය මියයන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.
වාර්තා වලට අනුව ජංගම දුරකථනය අධික ලෙස රත්වීම මෙම පිපිරීමට හේතු වී ඇති බව පැවසෙන අතර එය ඉතා ඛේදජනක මරණයක් වන්නට ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
COMMENTS