අනේ සර්... මට ඕවා කරන්න බැහැ. මට ඔය චිත්‍රපටියේ රඟපාන්න ඕනිත් නැහැ.." "මගේ ගාව සල්ලි නැහැනේ. මම තවම ඉස්කෝලේ යනවානේ.....
"මගේ ගාව සල්ලි නැහැනේ. මම තවම ඉස්කෝලේ යනවානේ.."
"මම ඔයා වෙනුවෙන් දැන් රුපියල් ලක්ෂයක් විතර වියදම් කරලා තියෙන්නේ.."
"අලුත්ම චිත්‍රපටයක රඟපෑම සඳහා වයස අවුරුදු 17ත් 30ත් අතර රූමත් පෙනුමකින් යුත් තරුණියන් අවශ්‍යයයි. ඔබත් එවැනි යුවතියක් නම් මා අමතන්න.."
ඉකුත්දා මෙරට ජනප්‍රිය චිත්‍රපට නළුවෙකුගේ ෆේස්බුක් ගිණුමක පළවූ දැන්වීමකි ඒ...
එම දැන්වීම පළවීමත් සමඟ ඒ සඳහා ඉල්ලුම් පත් එවූ තරුණියන් සංඛ්‍යාව ඉතා විශාල වුණා. ඊට ප්‍රධාන හේතුවක් වූයේ එම ගිණූමේ සඳහන් නළුවා මේ වන විට තරුණ තරුණියන් හද දිනාගත් කඩවසම් රූ සපුවක් ඇති අයකු නිසයි.
ඔහු පිළිබඳ විශ්වාසයක් ඇති කරගත් තරුණියන් ඔහුගේ ෆේස්බුක් ගිණුමට සිය පින්තූර සහිත විස්තර ඒවා ඇත්තේ චිත්‍රපටියක රඟපෑවේ දැඩි ආශාව නිසායි.
රුවිනිද එවන් තරුණියක් වුණා. ඇය 13 හැවිරිදි වුණා. කිරිබත්ගොඩට නුදුරු ප්‍රදේශයක පදිංචි රුවිනි ද ෆේස්බුක් හි පළවූ එම දැන්වීම දුටුවා. ඇයගේ ප්‍රියතම නළුවා වූයේ ද ඔහුයි. ඔහුගේ කඩවසම් බවට ඇගේ හිත දැඩි ලෙස ඇදී ගොස් තිබුණා. ඔහුගේ චිත්‍රපටියක රඟපෑමටත් ඒ ඔස්සේ ඔහු ඇසුරු කරන්නටත් ඇය සිහින මැව්වා. ඒ නිසාමද ඇය ද ඔහුගේ ෆේස්බුක් ගිණුමට පණිවිඩයක් යොමු කළා. ඒ තමා චිත්‍රපටියේ රඟපෑමට කැමති බව කියමිනුයි.
ජනප්‍රිය නළුවාගේ එෆ්බී ගිණුමට යැවූ පණිවිඩයට මොහොතකට පසු පිළිතුරු ලැබුණා. එහි සඳහන් වුණේ ඇගේ නම් ගම් මවගේ පියාගේ විස්තර ද සමඟ මෑතකදී ගත් ඡායාරූප 10ක් වහා එවන ලෙසයි.
ඉන් උද්දාමයට පත් ඇය ඒ බව තම මවටත් පැවසුවා.
"අම්මේ මම ෆොටෝ ටිකක් යවන්නම්..."
මවගේ ද කැමැත්ත ඇතිව රුවිනි සිය ඡායාරූප දහයක් අදාළ නළුවාගේ ගිණුමට යවනු ලැබුවා. පසුව ඔහු සමඟ ඇය දිගින් දිගටම සංවාදයේ යෙදුණා. එහිදි නළුවා සඳහන් කළේ එම ඡායාරූප චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කරන බවයි.
"ඉන් පස්සෙ ඔයා මෙන්න මේ නොම්මරේට ගන්න. එයා තමයි මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර්. එයා කියන විදිහට වැඩ කරන්න.." එසේ කියමින් තවත් ෆේස්බුක් ගිණුමක අංකයක් ඇයට ලබා දුන් නළුවා තමන් ඒ බව අධ්‍යක්ෂකවරයා දැනුවත් කරන බවද සඳහන් කර තිබෙනවා. සිදුවන කිසි දෙයක් නොදත් ඇය ඉන්පසුව නළුවා දුන් දුරකථන අංකය අයත් ගිණුම හිමි අධ්‍යක්ෂකවරයා සමඟ දිගින් දිගටම "චැට්" කරන්න පටන් ගත්තා. ඇයටද අධ්‍යක්ෂකවරයාගෙන් 'මැසේජ්' ලැබුණා.
"ඔයාව චිත්‍රපටියේ චරිතයට හොඳට ගැළපෙනවා. ඒ නිසා අපිට ඔයාගේ 'හොට්' පින්තූර දහයක් එවන්න.."
අධ්‍යක්ෂකවරයාගේ කීම ප්‍රතික්ෂේප නොකළ ඇය ඊට ද එකඟ වුණා.
නොයෙක් ඉරියව් වලින් ගත් ඡායාරූප දහයක් ඇය අධ්‍යක්ෂකවරයාගේ ෆේස්බුක් ගිණුමට එක් කළා.
ඊට ද පිළිතුරු ලැබුණා. ඒ 'මැසේජ්' ඔස්සෙයි. එහි සඳහන් වූයේ චිත්‍රපටියේ රඟපෑමට ඇය තෝරාගෙන ඇති බැවින් උස මහත 'ඉණ' ප්‍රමාණය ආදිය සඳහන් කොට සිරුරේ උඩු කොටස නිරාවරණය වූ හා බිකිනි පින්තූර 25ක් වහා ගිණුමට එක් කරන ලෙසයි.
ඉන් තැති ගත් ඇය වහා අධ්‍යක්ෂකවරයාගේ ගිණුමට 'චැට්' කරමින් ඒ බව විමසුවා. එහිදී අධ්‍යක්ෂකවරයා ජංගම දුරකථනය ඔස්සේ පින්තූර ගත යුතු ආකාරය ඇයට කියා දුන්නා. ඒ අනුව ඇය එවැනි පින්තූර 25ක්ද අධ්‍යක්ෂකවරයා වෙත යැව්වා. ඒත් ඒ කිසිවක් ඇය සිය මවට නොකීමට වග බලා ගත්තා. ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ එම නළුවා සමඟ චිත්‍රපටයේ රඟපෑමටයි.
එලෙස අධ්‍යක්ෂකවරයාගෙත් ඇයගෙත් කතාව මුහුණු පොත ඔස්සේ දිගින් දිගටම සිදු වෙද්දි අධ්‍යක්ෂකවරයා ඇයට යෝජනාවක් ගෙනාවා. ඒ ලිංගික ක්‍රියා ඇතුළත් වීඩියෝවක් හැකි ඉක්මනින් තමන් වෙත එවන ලෙස කියමිනුයි.
"අනේ ඒක නම් බැහැ. මම ඕවා දන්නෙ නැහැ.." ඇය ලැජ්ජාශිලීව පැවසුවා.
"ඔයා බයවෙන්න එපා.. මං ගාව ඒ වගේ වීඩියෝ තියනවා. මම ඔයාට ඒවා එවන්නම්. ඒ විදිහට......."
එසේ කී අධ්‍යක්ෂකවරයා ඇයට නිරුවත් වීඩියෝ කිහිපයක් යැවුවා. එහෙත් එවන් ක්‍රියාවකට ඇය අවනත වූයේ නැහැ. එහෙත් අධ්‍යක්ෂකවරයා ඇගෙන් පෙරැත්ත කරමින් ඒවා චිත්‍රපටයට අවශ්‍ය බව කියද්දි ඇය සිය නග්න රූපය සහිත වීඩියෝවක්ද අධ්‍යක්ෂකවරයා වෙත යැවුවා.
ඉන්ද අධ්‍යක්ෂකවරයා සෑහීමකට පත් වූයේ නැහැ. අවසානයේ තවත් අයුතු යෝජනා ඔහු ඇයට ගෙනාවා.
"අනේ සර්... මට ඕවා කරන්න බැහැ. මට ඔය චිත්‍රපටියේ රඟපාන්න ඕනිත් නැහැ.."
අවසානයේ ඇයට රඟපෑමත් එපා වුණා. ඇය ඒ වග අධ්‍යක්ෂකවරයාට කීවා.
"එහෙම කියලා බැහැ. අපි ඔයාව තෝරගෙන ඉවරයි..."
"අනේ මට ඕකේ රඟපාන්න බැහැ.."
ඇය දිගින් දිගටම චිත්‍රපටියේ රඟපෑම ප්‍රතික්ෂේප කරද්දි අධ්‍යක්ෂකවරයා කෝපයට පත් වුණා.
"එහෙම කියලා හරි යනවද.. මම ඔයා වෙනුවෙන් දැන් රුපියල් ලක්ෂයක් විතර වියදම් කරලා තියෙන්නේ.."
"ඒ කොහොම වුණත් මට බෑ.."
"එහෙම නම් මට රුපියල් පනස්දාහක්වත් ඕන..."
අධ්‍යක්ෂකවරයා ඇයට තර්ජනයද කරමින් තමන්ට ඊටත් වඩා මුදලක් වැය කිරීමට සිදු වී ඇති බව සඳහන් කර තිබෙනවා.
"මගේ ගාව සල්ලි නැහැනේ. මම තවම ඉස්කෝලේ යනවානේ.." රුවිනි අධ්‍යක්ෂකවරයාට බැගෑපත් වුණා.
"එහෙම කියලා හරියන්නෙ නැහැ. කොහොමද මම වියදම් වුණු සල්ලි හොයාගන්නේ?"
"ඒක මම දන්නේ නැහැ.."
"එහෙනම් ඔයා තනියම ඇවිත් මාව හම්බවෙන්න..." අධ්‍යක්ෂකවරයා අවසානයේ එවැනි යෝජනාවක් ගෙනාවා.
"මට බැහැ.."
"බැහැ?"
"බැහැ බැහැ..."
"ආ එහෙමද? එහෙනම් මම ඔයාගේ තාත්තට මේ පින්තූර ඔක්කොම පෙන්නනවා. එතකොට ඔයා ඉවරෙටම ඉවරයි...." අධ්‍යක්ෂකවරයාගේ එම කතාවෙන් ඇයට දෙලොව රත් වුණා.
"අනේ එහෙම කරන්න එපා.."
"ඔයා මගෙත් එක්ක 'ඉන්න' ආවේ නැත්තම් මම මේ සේරම ෆේස්බුක් එකට දානවා.."
අධ්‍යක්ෂවරයාගේ එම තර්ජනයෙන් ඇය මහත් බියට පත් වුණා. තමාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යවලට හෝ මවුපියන්ට දැක ගැනීමට ඉඩ කඩ සැලසුවොත් තමාට අත්වන ඉරණම ගැනද ඇය හොඳින් දැන සිටියා. ඉන් බියට පත් ඇය හඬමින් කල්පනා කළා. අවසානයේ ඇය තීරණය කළේ මේ කතාව මුළුමුණින්ම තම මවට හෙළි කිරීමටයි.
"අනේ අම්මේ මට...."
හඬා වැළපෙමින් ඇය අකුරක් නෑර කී කතාව ඇසූ මව කම්පනයටත් කලබලයටත් පත් වුණා. පාපතර අධ්‍යක්ෂකවරයා තම කුඩා දියණියට කළ මේ අපරාධය සිය සැමියාට ද දැන්වූ ඇය කෙළින්ම ගියේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට යි. ස්ථානාධිපතිවරයා රුවිනි හා මව ළමා හා කාන්තා කාර්යාංශය බාර ස්ථානාධිපතිනිය වෙත යොමු කළා.
"ඔයින් ගියා ඇති. මීට වඩා දරුවන් ගැන හොයලා බලන්න ඕනෑ.. මේ ළමයත් දැනගන්න ඕන මෙච්චර දුර යනකොට සිද්ධ වෙන්න යන අනතුර.."
අවසානයේ අධ්‍යක්ෂකවරයාගේ දුරකථනයට කතා කළ ඔහුට වහා පොලිස් ස්ථානයට එන ලෙස දැනුම් දීමක් ලැබුණා. තමා සිදු කළ 'නරුම ක්‍රියාව' දැන් තමාටම පාරා වළල්ලක් වී ඇති බවත් ඉන් තමාට දඬුවම් විඳිමටත් සිදු වන බව අධ්‍යක්ෂකවරයාට ඒ මොහොතේම වැටහුණා.
"අනේ මිස් මගේ අතින් පොඩි වරදක් වුණා. මම එච්චර දුර දිග හිතුවේ නැහැ. මම ඒවා සේරම ඩිලිට් කරලයි තියෙන්නේ. මට පළවැනි වතාවට සමාව දෙන්න මිස්.."
ඔහු ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියට පිළිතුරු දෙමින් සඳහන් කළා.
"හරි හරි ළමයෝ.. මේක පොඩි දෙයක්. මෙයාලටත් ඕන මේක සමාදාන කරගන්න. මට පොඩි කට උත්තරයක් දීලා යන්න.."
මේ කපටි අධ්‍යක්ෂකවරයා කෙසේ හෝ කිරිබත්ගොඩ පොලිසියට ගෙන්වා ගැනීමේ අරමුණින් ස්ථානාධිපතිනිය එලෙස රඟපෑමක නිරත වුණා.
ඇයව විශ්වාස කළ ඔහු මොහොතකට පසු එම ස්ථානයට පැමිණියා. කිසිම සැකයක් ඇති නොවන ආකාරයට කතා කළ ස්ථානාධිපතිවරිය ඔහුට ඉඳගන්නට සලසා "කෝ දෙන්න බලන්න ඔයාගේ ෆෝන් එක.." යැයි කියමින් ඔහුගේ ජංගම දුරකථනය සියතට ගත්තා.
මින් තැතිගත් අධ්‍යක්ෂකවරයා ඒ මේ අත බලන්නට වුණා. දුරකථනය පරීක්ෂා කළා ස්ථානාධිපතිවරියට දැකගත හැකි වූයේ ළාබාල කෙල්ලන් විශාල සංඛ්‍යාවකගේ අඩ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශණ එහි ඇතුළත් බවයි.
මේ සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කළද ඊට පිළිතුරු දීමට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. අවසානයේ සැකකාර අධ්‍යක්ෂකවරයා කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැණුනා.
පසුව සැකකරුගේ දුරකථනය පිරික්සීමේදී තරුණියන් 7000කගේ පමණ පින්තූර එහි අඩංගුව තිබෙන බවත් යුවතියන් 150 දෙනෙකුගේ නිරුවත් පින්තූර හා දර්ශණ සහිත වීඩියෝ එහි අඩංගු බවත් දැකගත හැකිවුණා.
චිත්‍රපටිවල රඟපෑමට අවස්ථාව දෙන බව පවසමින් එලෙස තරුණියන්ගේ ඡායාරූප, නිරුවත් වීඩියෝ දර්ශන මොහු විසින් ලබා ගෙන ඇති අතර සමහර තරුණියන් රවටා හෝටල් කාමරවලට ගෙන ගොස් ලිංගික ක්‍රියාවල යෙදෙන දර්ශණද ඔහුගේ දුරකථනයට ලබාගෙන ඇති බවත් අනාවරණය වුණා.
සැකකරු මේ තරුණියන් සියල්ල ඇසුරු කර ඇත්තේ මුහුණුපොත හරහා මැසේන්ජර් ඔස්සේ බවටද අනාවරණය වී තිබෙනවා.
අවසානයේ හෙළි වූයේ ඔහු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකු නොවන බවත් එක්තරා පුද්ගලික සමාගමක සේවකයෙකු බවයි. බොහෝ කෙල්ලන් ඔහුට රැවටී සිය ඡායාරූප ෆේස්බුක් ගිණුමට යොමු කර ඇත්තේ ජනප්‍රිය නළුවාගේ නමට ඇති ආදරය භක්තිය නිසයි.
සැකකරු කඩවත පදිංචි 23 හැවිරිදි අවිවාහක තරුණයෙක්. මුහුණු පොතේ දැන්වීම් ප්‍රචාරයට රැවටී ඔහු වෙත ඡායාරූප යවා ඇත්තේ වයස අවුරුදු 13, 14, 15 යන පාසල් ළමයින් බවට ද තොරතුරු හෙළි වුණා.
සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කීර්ති මෙන්ඩිස්
කීර්ති මෙන්ඩිස්
COMMENTS