පාසැල් යමින් සිටි පහළොස් (15) හැවිරිදි දැරිවියක් පැහැරගෙන ගොස් කුලී නිවසක මාස ගණනක් තිස්සේ රඳවා තබාගත් විවාහක එක්දරු පියෙකු 27 දා පොල...
පාසැල් යමින් සිටි පහළොස් (15) හැවිරිදි දැරිවියක් පැහැරගෙන ගොස් කුලී නිවසක මාස ගණනක් තිස්සේ රඳවා තබාගත් විවාහක එක්දරු පියෙකු 27 දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 විසිහය හැවිරිදි කාර්මිකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිවිය පැහැර ගෙන ගොස් ඇත්තේ මොහුගේ නීත්‍යානුකූල බිරිඳට පළමු දරුවා ලැබීමට රෝහල් ගත කර සිටියදී බවත් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
දහය වසරේ ඉගෙනුම ලබමින් සිටි දැරිය පසුගිය අගෝස්තු මස දිනකදී පැහැරගෙන ගිය සැකකරු තම නීත්‍යානුකූල බිරිඳට හොරෙන් කුලී නිවසක ඇයව රඳවා තබාගෙන ඇති බවත් පැවසෙන අතර සැකකරු සහ දැරිය 28 දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණිx
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ ඩබ්ලිව්. පී. වීරසිංහ, කාන්තා උප පොලිස් පරීක්ෂක හිමාලි දිසානායක, පොලිස් කොස්තාපල් නන්දසිරි යන නිලධාරිහු වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වති.
COMMENTS