Homesports

Lasith Malinga World Record-ලකුණු 6ට කඩුළු 5යි - නවසිලන්ත ඉණිම සුනුවිසුණු කල මාලිංගගෙන් තවත් ලෝක වාර්තාවක්

පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඉතිහාසයේ පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත් ලොව දෙවන පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා ව...

ශ‍්‍රී ලංකාවට එරෙහි එක්දින හා විස්සයි විස්ස තරගාවලිය කෝලිට අහිමි වෙයි
දෙවෙනි ඉනිමේදී ලංකාවේ වෙච්ච වෙනස ගැන නිරෝෂන් දික්වැල්ල හෙළිකරයි
මාලිංගගේ නොදැක්ක දෙයක් ගැන චම්පික ඉන්දියාවේ පත්තරේකට කියලා




පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඉතිහාසයේ පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත් ලොව දෙවන පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සමත් වුණා.

ඒ, ඊයේ නවසීලන්තය සමඟ පැවති තුන් වන සහ අවසාන විස්සයි විස්ස තරඟයේදීයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඞ් ඛාන් විසින්. ඒ, අයර්ලන්තයට එරෙහි තරඟයකදියි.

මෙම තරඟය ලකුණු 37කින් ජය ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 125ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිතිකරුවන්ට ලසිත් මාලිංගගෙන් නොසිතූ අභියෝගයක් එල්ල වූ අතර, පන්දු වාර 20 තරඟ බිමේ සිය දෙවන කඩුලු ත්‍රිත්වය ද ඔහු ලබා ගත්තා.

ඉන් නොනැවතී හතර වන පන්දුවේදී ද තවත් කඩුල්ලක් දවා ගනිමින් ලොව එවන් දස්කමක් කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ද ඔහු සමත් වූ අතර විස්සයි විස්ස තරඟවල වැඩිම කඩුලුලාභියා බවට පත්වීමට ද ඔහුට හැකි වුණා.

ඒ අනුව නවසීලන්ත ක්‍රීඩකයන් සියළු දෙනාම පන්දු වාර 16ක් තුළ දී ලකුණු 88කට දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයේ ජය හිමි කර ගත්තා.

මාලිංග 2007 එක්දින ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනිමින් එක්දින තරඟ බිමේ ද එවන් දස්කමක් කළ පළමු ක්‍රීඩකයා බවට පත්වුණා.

ජාත්‍යන්තර එක්දින තරඟවල කඩුලු ත්‍රිත්ව 3ක් ඔහු විසින් ලබාගෙන ඇති අතර, විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලදී කඩුලු ත්‍රිත්ව 2ක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුට ජාත්‍යන්තර කඩුලු ත්‍රිත්ව 5ක හිමිකම් පවතිනවා. ඊට ලෝක කුසලාන දෙකක ලබා ගත් කඩුලු ත්‍රිත්ව 2ක් ද ඇතුළත්.
Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Lasith Malinga World Record-ලකුණු 6ට කඩුළු 5යි - නවසිලන්ත ඉණිම සුනුවිසුණු කල මාලිංගගෙන් තවත් ලෝක වාර්තාවක්
Lasith Malinga World Record-ලකුණු 6ට කඩුළු 5යි - නවසිලන්ත ඉණිම සුනුවිසුණු කල මාලිංගගෙන් තවත් ලෝක වාර්තාවක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxjMhcskFpDU8DLMI0b8l-nq5D9cXwho5gfmLNh3PmMJ7APiUoAlNA5NeKG3ThuROuzBFMloDuctidn_mYXqAoE2ScDpYdvgQbgTmuYV56RalIGx9Nv3Av4JhC9OjhuCxgPP7PDsrJmeY/s1600/18160632-0-image-a-11_1567786090992.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxjMhcskFpDU8DLMI0b8l-nq5D9cXwho5gfmLNh3PmMJ7APiUoAlNA5NeKG3ThuROuzBFMloDuctidn_mYXqAoE2ScDpYdvgQbgTmuYV56RalIGx9Nv3Av4JhC9OjhuCxgPP7PDsrJmeY/s72-c/18160632-0-image-a-11_1567786090992.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/09/lasith-malinga-world-record-6-5.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/09/lasith-malinga-world-record-6-5.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy