ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවේ චෝදනා වලින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැක...
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවේ චෝදනා වලින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝගකර තිබෙනවා.
ඇවන්ට්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට වන චොදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු වන සෝමතිලක දිසානායක , ජයනාත් කොළඹගෙ, ජයන්ත පෙරේරා සහ ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, පාලිත පියසිරි ප්‍රනාන්දු , කරුණාරත්න බන්ඩාර යන යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙම නඩුව අල්ලස් කොමිසම විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබුණු අතර ඒ අනුව අභියාචනාධිකරණයේ තීන්දුවේ පිටපතක් අද දින මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනා මෙම නඩු කටයුතු වලින් නිදහස් කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ.
එසේම මෙම නඩුවේ දෙවන විත්තිකාරිය වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේඛම් සුජාතා දමයන්ති නැමැත්තිය නොමැතිව නඩුව විභාග කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.
COMMENTS