බොලිවුඩයේ ඉහළින්ම අයකරන හැඩකාරියන්ගේ 2019 ජූලි මසයේදී සකස් කළ ලැයිස්තුව මෙන්න.වර්තමානය වනවිට බොලිවුඩය හැඩකරන සුරූපිනියන් ප්‍රධාන භූමිකාව න...
බොලිවුඩයේ ඉහළින්ම අයකරන හැඩකාරියන්ගේ 2019 ජූලි මසයේදී සකස් කළ ලැයිස්තුව මෙන්න.වර්තමානය වනවිට බොලිවුඩය හැඩකරන සුරූපිනියන් ප්‍රධාන භූමිකාව නිරූපණය කරන නළුවන්ට වඩා වැඩි මුදලක් අයකරනවා. මෙන්න වැඩිපුරම අයකරන නිළියන් කවුද කියලා ඔබම කියවලා බලන්න.
කංගනා රනවුට් කියන්නේ හින්දි සිනමාව විසින් හොයාගෙන තියෙන දක්ෂතම රංගන ශිල්පිනියක් කිව්වොතින් ඔබත් පිළිගන්නවා ඇති. තුන් වරක්ම නැෂනල් අවෝර්ඩ්ස් දිනා ගත් දීපිකා පදුකෝන්ද පසු කරගෙන කංගනා වැඩිම මුදලක් අයකරන නිළිය විදිහට නොම්මර එක බවට පත්වෙනවා. එක් සිනමාපටයක චරිත නිරූපණය කිරීම සඳහා කෝටි 24ක් අයකරන කංගනා ළඟදී රංගනයෙන් දායක වුණේ ජජ්මන්ටක් හේ ක්යා, පන්ගා සහ ධාකඩ් කියන සිනමාපටයි. මේ සිනමාපට සඳහා ද ඇය කෝටි 24 බැගින් අයකර තියෙනවා.
දීපිකා පදුකෝන් සිං කියන්නේ උත්සාහයෙන් සිනමාවේ ඉදිරියටම පා තැබූ කරුණාවන්ත හැඩකාරියක්. එයාට ජාතියේ හදගැස්ම කියලත් කියනවා. වැඩිපුරම අයකරන නිළියන්ගේ දෙවෙනි ස්ථානයට හිමිකම් කියන ඇයගේ රංගනයෙන් හැඩවුණු අලුත්ම සිනමාපට වෙන්නේ චාපාක් 83 වේ.
ප්‍රියංකා චොප්රා කියන්නේ ජාත්‍යන්තරය ජයගත් සිනමා තාරකාවක් විතරක් නෙවෙයි නිරූපිකාවක් කියන එක අපි හැමෝම දන්නවානේ. බොලිවුඩයේ වැඩිම මුදලක් අයකරන තුන්වන ස්ථානයට තමන්ගේ නම සටහන් කරගන්නේ ප්‍රියංකා වන අතර ඇය එක සිනමාපටයක් සඳහා කෝටි 18ක් අයකරනවා. ප්‍රියංකාගේ නවතම සිනමාපටය වෙන්නේ ස්කයි ඉස් පින්ක් අමෝන්ග් අදර්ස් කියන සිනමාපටයයි.
දශක දෙකකට අධික කාලයක් බොලිවුඩ් සිනමාවේ තමන්ගේ හැඩකාර සිරුරෙන් දක්ෂතා පෙන්වන කරීනා කපූර් ඛාන් එක සිනමාපටයක චරිතයක් නිරූපණය කරන්න කෝටි 17ක් අයකරනවා. කරීනගේ අලුතෙන් එන්න තියෙන සිනමාපටයේ නම අංගේ‍්‍රසී මීඩියම් සහ ගුඩ් නිව්ස් කියන සිනමාපටයි.
හැඩකාර දඟකාර ශ්‍රද්ධා කපූර් රංගන ලෝකයේ කෙටි කාලයක් තුළ ඉහළ සාර්ථකත්වයක් අත්කරගෙන තියෙනවා. ඇයගේ රංගනයෙන් හැඩවුණු සිනමාපට කිහිපයක්ම බ්ලොක් බාස්ටර් සිනමාපට වුණු නිසාම ඇය මේ වනවිට එක සිනමාපටයක චරිතයකට පණ දෙන්න කෝටි 15ක් අයකරනවා. ඉදිරියේදී සාහෝ, චිච්චෝර්, ස්ට්‍රීට් ඩාන්සර්, බාඝී 03 සහ ස්ත්‍රී රිටන්ස් කියන හින්දි සිනමාපට තිරගත වෙන්න තියෙනවා.
රංගනයට තමන් කොච්චර දක්ෂ කෙනෙක්ද කියන එක ඇය රංගනයෙන් දායකවුණු සෑම සිනමාපටයකින්ම ඇය ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ වෙද්දී ආලියා භාත් එක සිනමාපටයක චරිතයකට පණ පොවන්න කෝටි 14ක් අයකරනවා. තව ටික දවසකින් බ්‍රහ්මාස්ත්‍රා, ඉන්ෂල්ලාහ්, ආර් ආර් ආර් සහ සඩක් 02 කියන සිනමාපටවලින් අපිට ඇයව දකින්න ලැබෙනවා.
කත්‍රිනා කයිෆ් එක සිනමපටයක චරිත නිරූපණය කිරීමක් වෙනුවෙන් කෝටි 12ක් අයකරනවා. ඇයගේ ඉදිරි සිනමාපටය වෙන්නේ ආක්ෂය කුමාර් එක්ක රංගනයෙන් හැඩවෙන සූර්යවංශ කියන සිනමාපටයයි.
COMMENTS