අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථානය ඉදිර...
අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ උන්වහන්සේගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
අපවත්වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරු 09ට පමණ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී පැමිණිලිකාර මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව වෙනුවෙන් අධිකරණයේ සිටින දෙමළ නීතීඥයින් 15 දෙනෙකු පමණ පෙනී සිට ඇති බවයි වාර්තා වුනේ.එසේම විත්තිකාර පාර්ශ්වය වන විහාරස්ථානය වෙනුවෙන් සිංහල නීතීඥයින් සිව්දෙනෙකු පෙනී සිට තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ කටයුතු සිදුකෙරෙමින් පවතින අතර එම අවස්ථාවේදී උණුසුම් තත්වයක්ද ඇතිවුනා.
COMMENTS