පැය දෙකක ප්‍රේමයෙන් හදුනාගන මාස දෙකක් පවුල්කෑ බාල වයස්කාර ජෝඩුවක් පසුගිය (24) දා අත්අඩංගුවට ගත් බව බෙිරුවල පොලිසිය කියයි. බේ...
පැය දෙකක ප්‍රේමයෙන් හදුනාගන මාස දෙකක් පවුල්කෑ බාල වයස්කාර ජෝඩුවක් පසුගිය (24) දා අත්අඩංගුවට ගත් බව බෙිරුවල පොලිසිය කියයි.
බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පැවති විවාහමංගල උත්සවයකදී හදුනාගත් 15 හැවිරිදි තරුණියක් සහ 19 හැවිරිදි තරුණයෙකු මාස දෙකක් පමණ මිතුරන් ගේ සහ කුලී කාමරවල නතරවී පවුල් ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි.
දැරියගේ මව සිදුකල පැමිණිල්ලක් අනුව කළුතර කොට්ඨාස බුද්ධි අංශ නිළධාරින් සිදුකල මෙහෙයුමකදි මාගල්කන්ද ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී මොවුන් අත් අඩංගඅවට ගෙන ඇත.
අත් අඩංගඅවට ගත් තරුණයා තරුණිය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇතැයි පොලීසිය කියයි.
බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජනක විතාන මහතා ,උප පොලිස් පරික්ෂක කේ.කේ. කුමාර, සැරයන් රාජවර්ධන, කොස්තාපල් අමරතුංග (64644) , කාන්තා පොලිස් කොස්තාපල් නිලානි (9333) ඇතුළු නිළධාරින් මෙම වැටලිම සිදුකර ඇත.


COMMENTS