Oshadi Himasha-Talk with Oshadi

ෆ්ලයිට් එකේදි තමයි මට එයාව මුණගැහුණේ... එයාගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා... ඕෂධී හිමාෂා කියන්නේ සමාජ ජාලාවල ජනප්‍රිය නිරූපණ ශිල්පිණ...




ෆ්ලයිට් එකේදි තමයි මට එයාව මුණගැහුණේ...

එයාගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා...

ඕෂධී හිමාෂා කියන්නේ සමාජ ජාලාවල ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක්. ගීත රූප රචනා බොහෝමයකට නිරූපණයෙන් දායක වුණු ඕෂධී වඩාත් කතාබහට ලක්වන්නේ ඇය භාවිතා කරන විවිධ විලාසිතා නිසයි.

වසර ගණනාවක් ආදරය කර විවාහ වූ ඕෂධී ඒ විවාහයට මීට ටික කලකට ඉහතදී සමු දුන්නා. කලින් විවාහයෙන් දික්කසාද වූ ඕෂධී ආයෙමත් විවාහ වුණේ මෝස්තර නිරූපණ ශිල්පියෙක් වුණු මනෝජ් ප්‍රනාන්දු සමඟිනුයි.

මේ ඇය සමඟ කළ කතාබහක්...



ඕෂධීගේ ජීවිතේ සුවිශේෂී දෙයක් සිද්ධ වුණා කියලා ආරංචියි.

ඔව්. සුවිශේෂී දෙයක් සිද්ධ වුණා. ඒ මගේ විවාහය.

ජීවිතයේ සුවිශේෂම අවස්ථාව වැඩි සද්ද බද්ද නැතිව සැමරුවේ ඇයි?

වෙඩින් එකක් ගන්නවට වඩා අපි දෙන්නගේ ජීවිතේ ඊට වඩා ලොකු සැලසුම් තියෙනවා. මම නිරූපිකාවක් නිසා මම මනාලියක් විදියට ඕනෑ තරම් සැරසිලා තියෙනවා. අපි දෙන්නම ලොකු පාටි ගන්න කැමැති වුණේ නෑ. බොරු දේවල්වලට වියදම් කරන්න කැමැති වුණේ නැහැ. ළඟම යාළුවෝ කිහිපදෙනෙක් සහ පවුලේ අය එකතු කරගෙන අපේ විශේෂ දවස සමරන්න හිතුවා.

ඕෂධීගේ ජීවිතයට එකතු වුණ ඒ කෙනා කවුද කියලා කියමු.

එයාගේ නම මනෝජ් ප්‍රනාන්දු.

ඔබට ඔහුව මුණගැහුණේ කොහොමද?

එයා වෘත්තියෙන් ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ වැඩ කරන්නේ. මම ලංකාවෙන් පිටට ගිහින් එද්දී ෆ්ලයිට් එකේදි තමයි මට එයාව මුණගැහුණේ.

මුල් හමුවීමේදීම ආදර කතාව පටන් ගත්තාද?

නැහැ. අපි දෙන්නා කතාබහ කළා. ටික දවසක් යද්දි තමයි අපි ආදරේ කරන්න පටන් ගත්තේ.

දෙන්නාගේ ආදරේට කොච්චර කාලයක් ගත වෙද්දි ද විවාහ වෙන්න හිතුවේ?

අපේ සම්බන්ධයට අවුරුද්දක් ගත වෙද්දි තමයි අපි විවාහ වුණේ.

ඕෂධී හිතනවාද මෙදා සැරේ ජීවිතයට ළං කරගත්තේ හරිම කෙනා කියලා.

ඔව්. අපි දෙන්නගේ අදහස් ගොඩක් ගැළපෙනවා. එයා මාව විවාහ කරගන්න බලාගෙන ආදරේ කරන්නේ කියලා මට දැනුණා. එයාට මගේ වෘත්තිය ගැනත් හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඒ වගේම එයාගෙන් හොඳ සහයෝගයකුත් තියෙනවා. ඒ නිසා මම හිතනවා එයා මට හොඳට ගැළපෙනවා කියලා.

ඔය ආදර කතාවට බාධා තිබ්බේ නැද්ද?

බාධා අපි හැමෝටම තියෙනවනේ.

ඔබේ අතීතය ඔහුට ප්‍රශ්නයක් වුණේ නැද්ද?

නැහැ. එයාට මගේ අතීතය ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි අතීතය ගැන කතා කරන්නේ නෑ. අනාගතය පැහැදිලි නම් මගේ අතීතය ප්‍රශ්නයක් කරගන්න එයාට ඕන වුණේ නැහැ.

ඔබේ නිරූපණ කටයුතු, රංගන කටයුතුවලට සැමියාගෙන් බාධාවක් මතුවෙන එකක් නැද්ද?

නැහැ. මට එයාගෙන් කිසිම බාධාවක් නැහැ. එයත් නිරූපණ ක්ෂේත්‍රයට ආසයි. එයාගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.

මනෝජ් නිරූපණ ශිල්පියෙක්ද?

ගොඩක් අය හිතනවා එයා නිරූපණ ශිල්පියෙක් කියලා. නමුත් එයා නිරූපණ ශිල්පියෙක් නෙවෙයි. මාත් එක්ක ෆොටෝ ෂූට් කිහිපයක් කරලා තියෙනවා. එයා 2012දී තරගයකටත් සහභාගි වෙලා තියෙනවා. නමුත් එයාගේ රැකියාව එක්ක නිරූපණ කටයුතුවලට කාලය කළමනාකරණය කරගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. එයාගේ පෙනුම නිරූපණ කටයුතුවලට ගැළපෙන නිසා සෑහෙන අවස්ථා ලැබෙනවා. කොහොම වුණත් වෙලාව තියෙන විදියත් එක්ක එයා ඒ දේවල්වලටත් සම්බන්ධ වෙයි.

ජීවිතයේ සුවිශේෂී ඇරැඹුමත් එක්ක තව ඉෂ්ට කර ගන්න හීන ඇති?

දැන් මට අවුරුදු 27යි. මම හරි ආසයි හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. දැන් මට තියෙන හීනය තමයි මවක් වෙන එක. මේ අවුරුද්දේ ඒ හීනයත් හැබෑ කර ගන්න තමයි හිතාගෙන ඉන්නේ.

එතකොට ඕෂධීට ක්ෂේත්‍රයෙන් අයින් වෙන්නත් වෙයි නේද?. ඒ ගැන දුකක් නැද්ද?

මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු නවයකට එහා. මම ගොඩක් වැඩ කළා. නමක් හදාගත්තා. ගැහැනියක් විදියට හොඳ පවුල් ජීවිතයක්, දරුවෙක් ඕන. ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න සිදුවෙන්න වුණොත් ඒක ප්‍රශ්නයක් නෑ. මම ක්ෂේත්‍රයට සාධාරණයක් කළා. බබෙක් හදලා ඊට පස්සේ මගේ ශරීරය දැන් තියෙන විදියටම පවත්වාගන්න පුළුවන් වුණොත් මවක් වුණත් මම ක්ෂේත්‍රයට එනවා.

රංගන ක්ෂේත්‍රයේ අලුත් වැඩකටයුතුවලට දායක වුණේ නැද්ද?

ඇත්තටම සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. මියුසික් වීඩියෝ, ෆොටෝ ෂූට්, වගේ දේවල්වලට තමයි පසුගිය දවස්වල සම්බන්ධ වුණේ.

ජීවිතයේ තව සැලසුම් ඇති.

අපිටම කියලා ගෙයක් හදන්න සැලසුම් කරගෙන ඉන්නවා. ඒ වගේම හොඳ පවුල් ජීවිතයක් ගත කරන ගමන් සතුටින් ඉන්න තමයි උත්සාහ කරන්නේ.

- තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම

















COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Oshadi Himasha-Talk with Oshadi
Oshadi Himasha-Talk with Oshadi
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpMh9ueICPsZziL984fYXZ0VjuAYs5Mw4uOf6ORzWa_xBWOZ3Cb9x_jI6fImMkCSDG4LFnSiVmroDBhzaX7uVmj42bOO7FSyukxyW7TlEPNs77BziKAU5efdg1T5y7DaJVQi7qArpR0zo/s640/41961437_1921387954608346_8978805642558963712_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpMh9ueICPsZziL984fYXZ0VjuAYs5Mw4uOf6ORzWa_xBWOZ3Cb9x_jI6fImMkCSDG4LFnSiVmroDBhzaX7uVmj42bOO7FSyukxyW7TlEPNs77BziKAU5efdg1T5y7DaJVQi7qArpR0zo/s72-c/41961437_1921387954608346_8978805642558963712_n.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/04/oshadi-himasha-talk-with-oshadi.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/04/oshadi-himasha-talk-with-oshadi.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy