Ruwangi Rathnayake Wedding-රංගනයෙන් ඈත්වෙලා ඉන්නේ අද හෙට විවාහ වීමට සූදානම් නිසාද ?

රුවංගි රත්නායක කියන්නේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. තවමත් තනිකඩව සිටින නිසා ඇයගේ විවාහය ගැනත් බොහෝ දෙනෙක් විමසනවා. ...



රුවංගි රත්නායක කියන්නේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. තවමත් තනිකඩව සිටින නිසා ඇයගේ විවාහය ගැනත් බොහෝ දෙනෙක් විමසනවා. රුවංගි ළඟදීම විවාහ වෙනවා කියලා සමහරු කිව්වත් ඇත්තටම ඇය ඒ දේට සූදානම්ද කියලා දන්නේ ඇයම පමණයි. හැබැයි විවාහය කෙසේ වෙතත් පසුගිය දවසක ඇයගේ උපන් දිනය නම් ආගමික කටයුතුවලට මුල් තැන දෙමින් ඇය සැමරුවා.
දවසින් දවස වයසට යන හින්දද ඔය විදියට ආගම පැත්තට වැඩිපුර නැඹුරු වෙලා ඉන්නේ?


උපන් දිනය අපට වැදගත් තමයි. ඒක අමතක කරන්නට බැරි දවසකුත් තමයි. ඒත් එහෙම කියලා බොරුවට සාද පවත්වන්න නම් මම කැමති නැහැ. මොකද උපන් දිනය එනවා කියන්නෙත් අපි වයසට යනවා කියන එකනේ. පසුගිය 08 වෙනිදාට යෙදුණු මගේ උපන් දිනයත් බොහොම සිත නිවෙන විදියටයි මම සැමරුවේ. පවු‍ලේ අයත් එක්ක ආගමික වතාවත් එක්ක තමයි මම මගේ උපන් දවස සිහිපත් කළේ. ඇත්තටම ඒ සැනසීම තාමත් මගේ සිතේ තියෙනවා.


ඔබ මේ විදියට ආගමත් සමග බද්ධ වෙන්න හිතුවේ අලුතින්ම රංගනයේ යෙදුණු චිත්‍රපට අත්දැකීමක් එක්කද?


සත්තකින්ම මගේ අලුත්ම චිත්‍රපට අත්දැකීම ‘සුබා තෙරණියත්” මේ වගේ සිතුවිල්ලක් මට ඇතිවෙන්න හේතුවක් වෙන්න ඇති කියලා මටත් හිතෙනවා. මෑතකදී තමයි එහි රූගත කිරීම අවසන් වුණේ. බුදුන් දවස සිටු පවුලක සිදුවුණු සත්‍ය සිදුවීමක් ඇසුරෙනුයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. සුබා අනිත්‍ය තේරුම් අරගෙන අවසානයේදී පැවිදි වෙනවා. සුබා තෙරණියගේ චරිතයට තමයි මම පණ පෙවූවේ.


ඇත්තටම පැවිදි චරිතයක් කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඒක විඳ ගන්නේ කොහොමද?


ඔව්. ඇත්තටම ඒක වෙනස්ම අත්දැකීමක්. හැබැයි එතැනදී මට හිස මුඩු කරන්නට අවශ්‍ය වුණේ නැහැ. විග් එකක් දමාගෙන මම කළේ ලොකු කැප කිරීමක්. මොකද එහෙම රූගත කිරීම් කරන එක ටිකක් විතර අපහසුයි. ඒත් චරිතයට සාධාරණයක් කරන්න මට හැකි වුණා කියලා හිතෙනවා. ඉදිරියේදී චිත්‍රපටයේ හඬ කැවීම් කටයුතු කරන්න තමයි තියෙන්නේ.


මෑත කාලයේ ටෙලි නාට්‍ය හරහා ඔබව වැඩිපුර දකින්න ලැබුණේ නැහැ මොකක්ද ඒකට හේතුව?


මෑතකදී මම රඟ පෑ ටෙලි නාට්‍ය විකාශනය වුණේ අඩුවෙන්. ඒත් කරපු නිර්මාණ කිහිපයක්ම විකාශය වීමට නියමිතයි. එහෙම වුණයි කියලා මම රංගනයෙන් ඈත් වෙලා නැහැ.


නමුත් සමහරු නම් කියන්නේ ඔබ රංගනයෙන් ඈත්වෙලා ඉන්නේ අද හෙට විවාහ වීමට සූදානම් වෙන නිසා කියලයි. ඒ කතාවේ ඇත්තක් තිබෙනවාද?


ඒ කතාවේ නම් කිසිම ඇත්තක් නැහැ. මගේ ජීවිතේ සිදුවෙන විශේෂ කටයුත්තක් හේතුවෙන් මම රංගනය මඟ හැරලා නැහැ. ඒ වගේම ඔය කියන විදියේ විවාහයක් නම් දැන්ම සිදුවෙන්නෙත් නැහැ.


රුවංගි විවාහ වෙන වයසේ ඉන්නා ඔබ විවාහය පස්සට දමන්න හිතුවේ ඇයි?


විවාහය කල් දමන්න හේතුවක් මට නැහැ. සුදුසු වෙලාවේ ඒ දේවල් සිද්ධ වෙයි. දැන් ඒකට කාලය නමෛයි.


විවාහය කල් දැමුවට කමක් නැහැ, පෙම්වතා කවුද කියලාවත් කියන්නකෝ?


ඇත්තමයි එහෙම කියන්න තරම් දුර දිග ගිය පෙම් සබඳතාවක් මට නැහැ. අනිත් එක විවාහ වෙන්න සුදුසු කෙනෙක් මට තවම මුණ ගැහිලත් නෑ. පුංචි වචනයක් දෙකක් අහු වුණාම මිනිස්සු කතා නිර්මාණය කරනවානේ. දිනෙන් දින ජනප්‍රිය චරිත අළලා ඇති කරන ගොසිප් ඉහළ යාමක් පෙනෙනවා. එහි විශේෂත්වයක් මම දකින්නේ නැහැ. කලකට ඉහතදී එවැනි අත්දැකීම් මටත් උරුම වුණා. නමුත් මෑතකදී එහෙම දෙයක් සිදු වුණේ නම් නැහැ.


පුංචි තිරයේ දිග හැරෙන රියැලිටි වැඩසටහන් හරහා ඔබේ රූපය දකින්න ලැබුණේම නැහැ. ඒවගේ වැඩසටහන්වලට ඔබට ආරාධනා ලැබෙන්නේ නැද්ද?


පැවැතුණු හැම රියැලිටි අත්දැකීමකටම මට ආරාධනා ලැබුණා. ඒවා ප්‍රතික්ෂේප කළේ මමයි. ඒ වැඩසටහන් හොඳ නැති නිසා ‍නෙවෙයි. ඒ අවස්ථාවේ සිද්ධ වුණු මොනවම හෝ හේතුවක් නිසා මට ඒවා මඟහැරුණා.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Ruwangi Rathnayake Wedding-රංගනයෙන් ඈත්වෙලා ඉන්නේ අද හෙට විවාහ වීමට සූදානම් නිසාද ?
Ruwangi Rathnayake Wedding-රංගනයෙන් ඈත්වෙලා ඉන්නේ අද හෙට විවාහ වීමට සූදානම් නිසාද ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwavcZQEMdXbK62OCJ3qinDa08tJ7QWBx0CzijJjHBvPqDjXJceNCEwD9rWRpnwGOHHnQkPDFDHtXwwcgNRKozIX1jb2wKPQPyXK7o2hLwvvE9DRDRDLJz_sFDonFCzXKs0kXlElz3BaA/s640/Ruwangi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwavcZQEMdXbK62OCJ3qinDa08tJ7QWBx0CzijJjHBvPqDjXJceNCEwD9rWRpnwGOHHnQkPDFDHtXwwcgNRKozIX1jb2wKPQPyXK7o2hLwvvE9DRDRDLJz_sFDonFCzXKs0kXlElz3BaA/s72-c/Ruwangi.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2018/11/ruwangi-rathnayake-wedding.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2018/11/ruwangi-rathnayake-wedding.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy