2018 වසරේ වැඩිම මුදලක් ඉපැයූ හොලිවුඩ් තරු

2018 වසරේ අවසානයට ඇත්තේ ඉතාමත් සීමිත දින ගණනකි. මෙම වසර තුළදී හොලිවුඩ් සිනමාවේ බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් එළිදැක්විණි. ඒ අතරින් බොහෝ...




2018 වසරේ අවසානයට ඇත්තේ ඉතාමත් සීමිත දින ගණනකි. මෙම වසර තුළදී හොලිවුඩ් සිනමාවේ බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් එළිදැක්විණි. ඒ අතරින් බොහෝ ප්‍රමාණයක් මූලම්‍ය වාර්තා අතරට පැමිණෙන තිබේ. වාර්තා අතරට පැමිණි චිත්‍රපට පිළිබඳව කතාබහ කිරීමේදී එම චිත්‍රපට සඳහා දැරූ පිරිවැය අතරින් විශාල නිෂ්පාදනය පිරිවැයක් මෙන්ම එහි ප්‍රධාන රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන්ටද විශාල පිරිවැයක් දරා තිබේ. එහිදී එම චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා පණ පෙවූ ප්‍රධාන රංගන ශිල්පීන් මෙම වසර තුළදී චිත්‍රපට සඳහා විශාල අයකිරීමක් සිදු කර ඇති බවද ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන ‘ෆෝබ්ස්’ වෙබ් අඩවිය වාර්තා කළේය. එම අයකිරීම් ලැබූ රංගන ශිල්පීන් මෙසේය.

1.ස්කාර්ලට් ජොන්සන්

‘ෆෝර්බ්ස්’ වෙබ් අඩවිය සඳහන් කරන පරිදි 2018 වසරේදී වැඩිම අයකිරීමක් සිදුකරන රංගන ශිල්පිනිය ලෙස ස්කාර්ලට් ජොන්සන් හඳුන්වයි. ඇය මෙම වසරේදී චිත්‍රපට සඳහා අය කළ මුදල වන්නේ ඇ.ඩො. මිලියන 40.5කි. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් මේ වසරේදී තිරගත විය. ඒ ආදායම් අතින් ඉදිරියෙන්ම සිටින ‘ඇවෙන්ජ්ර්ස් ඉන්ෆිනිටි වෝ’ චිත්‍රපටය සහ ‘ඉසෙල් ඔෆ් ඩෝග්’ චිත්‍රපටයයි.

2.ජෙනිෆර් ඇනිස්ටන්


හොලිවුඩ් සිනමාවේ සිටින රංගන ශිල්පීන් අතරේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක වන මැයගේ මෙම වසරේ ආදායම ඇමෙරිකානු ඩො. මිලියන 19.5කි. ඇය මෙම වසරේ එක් චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක විය. ඒ ‘ඩම්ප්ලින්’ නම් චිත්‍රපටයයි. ඇය විසින් රංගනයෙන් දායක වන රූපවාහිනී නාට්‍යයක් ලබන වසරේදී විකාශය වීමට නියමිතව තිබේ. එම ටෙලිනාට්‍යයේ එක් කොටසක් සඳහා ඇයගේ අයකිරීම ඇ.ඩො. මිලියන 1.25ක් බවට සඳහන් වේ

3.ජෙනිෆර් ලෝව්රන්ස්



.
‘ද හන්ගර් ගේම්ස්’ චිත්‍රපට මාලාව තුළින් බොහෝ දෙනෙක් දැන හැඳිනගත් ඇය මේ වනවිට හොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියකි. මෙම වසරේ ඇය රංගනයෙන් දායක වූයේ ‘රෙඩ් ස්පැරෝ’ නම් හොලිවුඩ් චිත්‍රපටය සඳහාය. මෙම වසරේ ඇයගේ ආදායම ඇ.ඩො. මිලියන 18ක් බව ‘ෆෝර්බ්ස්’ වෙබ් අඩවිය සඳහන් කරයි. ඇය විසින් රංගනයෙන් දායක වූ බොහෝ චිත්‍රපට මේ වනවිට විශාල ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඒ අතරින්, ’එක්ස් මෑන්’, ’පැසේන්ජර්’, වැනි චිත්‍රපට ප්‍රධාන වේ.

4.රීස් විතර්ස්පූන්



හොලිවුඩ් සිනමාව තුළ නිරන්තරයෙන් දක්නට නොලැබෙන රංගන ශිල්පිනියක වන මැය පුංචි තිරයේ වැඩි වශයෙන් ජනප්‍රිය චරිතයකි. ඇය මෙම වසර තුළදී ලැබූ ආදායම වන්නේ ඇ.ඩො. මිලියන 16.5කි. මෙම වසරේදී ඇය ‘A Wrinkle in Time’ නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. පුංචි තිරයේ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවන් ඔස්සේ ජනප්‍රියත්වයට පත් ඇය සිනමා නිර්මාණ සඳහා දායක වන්නේ ඉතාමත් සීමිතව බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

5.මිලා කූනිස්



හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය තුළ විශාල ජනප්‍රියත්වක් ලබා සිටින ඇය අතිසාර්ථක රංගන ශිල්පීන් අතරේ සිටින අයෙකි. මෙම වසරේ ඇය චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක විය. ඒ ‘The Spy Who Dumped Me’ නම් චිත්‍රපටයයි. මෙම වසරේදී ඇයගේ ආදායම ලෙස සඳහන් වන්නේ ඇය.ඩො. මිලියන 16කි.පසුගිය වසරවල තිරගත වූ අතිසාර්ථක චිත්‍රපට අතරේ ‘Bad Moms Christmas’ චිත්‍රපටය සඳහා මුල් තැනක් හිමි වෙනු ඇත. සම්මානලාභී නිළියක වන ඇය හොලිවුඩ් නළු ඇස්ටන් කචර්ගේ බිරිඳ වේ.

6.ජූලියා රොබර්ට්ස්


මැය සිනමා නිළියක මෙන්ම පුංචි තිරයේද ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියෙකි. හොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පීන් අතරේ සිටින ඇය මෙම වසරේ එක් චිත්‍රපටයක් සහ රූපවාහිනී කතාමාලාවක් සඳහා රංගනයෙන් දායක විය. ඒ ‘Ben Is Back’ චිත්‍රපටය සහ ‘Home coming’ රූපවාහිනි කතාමාලාව සඳහාය. ඇ.ඩො. මිලියන 13ක ආදායමක් ඇය මෙම වසර තුළදී උපයා ඇති බව සඳහන් යේ. ඇය විසින් රංගනයෙන් දායක වූ Ben Is Back චිත්‍රපටය ලොව පුරා තිරගත වෙමින් ඇ.ඩො. මිලියන 310ක ආදායමක් උපයා තිබේ.

7.කේට් බ්ලැන්චෙට්



ඇමෙරිකානු රංගන ශිල්පිනියක වන මැය මෙම වසරේ රංගනයෙන් දායක වූ ‘The House with a Clock in Its Walls’ චිත්‍රපටය සහ ‘Ocean's 8’ චිත්‍රපටය ඉතාමත් සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපට දෙකකි. ඇය විසින් රංගනයෙන් දායක වන ‘Mowgli: Legend of the Jungle’ චිත්‍රපටය මෙම මස 29 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. ‘ෆෝර්බ්ස්’ සඟරාව සඳහන් කරන පරිදි ඇය මෙම වසරේ ඉපැයූ ආදායම වන්නේ ඇ.ඩො. මිලියන 12.5කි.

8.මෙලීසා මැක්කර්ති


හාස්‍ය රංගන ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධියට පත් ඇය මෙම වසරේ චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක විය. ‘Life of the Party,’ ‘The Happytime Murders’ සහ ‘Can You Ever Forgive Me?’ යන චිත්‍රපට වෙයි. ඊට අමතරව ඇය මෙම වසරේදී රූපවාහිනි කතාමාලවක් සඳහාද රංගනයෙන් දායක විය. ඒ ‘Nobodies’ නම් රූපවාහිනී කතාමාලාවයි. ‘ෆෝර්බ්ස්’ වෙබ් අඩවිය සඳහන් කරන පරිදි ඇය මෙම වසරේ ඉපැයූ ආදායම වන්නේ ඇ.ඩො. මිලියන 12කි.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: 2018 වසරේ වැඩිම මුදලක් ඉපැයූ හොලිවුඩ් තරු
2018 වසරේ වැඩිම මුදලක් ඉපැයූ හොලිවුඩ් තරු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiC1z-lpCJgIEJyiV9t6i6RIqBN3rYP0kCzfaF4UOqQ8JHHW7HZbW2zC5hEGZACZVPzSNeCKtXeoOXDVB0dbly2eYR-fQRmY5LbTPyq7WqZWsgmkCkvM1yjv4BMn5eRV04tmWd9mAb8Bt4/s640/To.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiC1z-lpCJgIEJyiV9t6i6RIqBN3rYP0kCzfaF4UOqQ8JHHW7HZbW2zC5hEGZACZVPzSNeCKtXeoOXDVB0dbly2eYR-fQRmY5LbTPyq7WqZWsgmkCkvM1yjv4BMn5eRV04tmWd9mAb8Bt4/s72-c/To.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2018/11/2018.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2018/11/2018.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy