‘නාම් ශබානා’ චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රිය වූ දකුණු ඉන්දීය මෙන්ම බොලිවුඩ් සිනමා නිළි තාප්සි පන්නු මේ දිනවල වඩාත් කාර්යබහුලව සිටින බව වාර්...
‘නාම් ශබානා’ චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රිය වූ දකුණු ඉන්දීය මෙන්ම බොලිවුඩ් සිනමා නිළි තාප්සි පන්නු මේ දිනවල වඩාත් කාර්යබහුලව සිටින බව වාර්තාවනවා. ඒ ලබන වසරේ ජූනි මාසයේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති ‘සූර්මා’චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා එක්වීම හේතුවෙන්.
තාප්සි මෙහි හොකී ක්‍රීඩිකාවක් ලෙස රංගනයෙන් දායක වන අතර, මේ දිනවල ඇය හොකී ක්‍රීඩාවේ යෙදෙමින් තම චරිතයට අවශ්‍ය කරන අන්දමට සිය සිරුර හැඩගස්සවා ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තාකරනවා. ඇය හොකී ක්‍රීඩාව පුහුණු වෙන ඡායාරූප බොහෝමයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කරද තිබෙන අතර, ඇය ඉන්දීය ජාතික හොකී කණ්ඩායමේ නිල ඇඳුමෙන්ද සැරසි සිටින ඡායාරූප කිහිපයක්ද ඒ අතර තිබෙන බව වැඩිදුරටත් සඳහන්වනවා.
නවදිල්ලියේ තාක්ෂණික විද්‍යාලයකින් සිය පරිගණක විද්‍යා ඉංජිනේරු උපාධිය සමත්වූ තාප්සී මෘදුකාංග ඉංජිනේරුවරියක වශයෙන් සේවය කර පසුව නිරූපණ ශිල්පිණියක ලෙසින් නිරූපණ ක්ෂේත්‍රයට එක්වුණා.
වීඩියෝව හා ජයාරූප පහතින්..






COMMENTS