ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන පිරිස් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති ෆේස් බුක් මැසෙන්ජර් අක්‍රිය වී තිබෙනවා. සතියක කාලයක් තුල ම...
ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන පිරිස් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති ෆේස් බුක් මැසෙන්ජර් අක්‍රිය වී තිබෙනවා.
සතියක කාලයක් තුල මෙවැනි සිදුවීමක් වාර්තාවු දෙවන අවස්ථාව මෙය බවටයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.
පසුගිය දිනක ද මෙවැනි සිදුවීමක් මැසෙන්ජර් වෙත සිදුව තිබුනා.
මැසෙන්ජර් භාවිත කරන්නන්ට පණිවුඩ යැවීමට නොහැකිවීමයි මෙහිදී සිදුවී ඇත්තේ.
මේ හේතුවෙන් ලොව පුරා ෆේස් බුක් භාවිත කරන්නන් ද දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
මීට පෙර අවස්ථාවේදී මැසෙන්ජර් යථා තත්වයට පත් කළ ද යළිත් එය බිඳ වැටීම ගැටලුසහගත බව මැසෙන්ජර් භාවිත කරන ඇතැයි පිරිස් අවධාරණය කර තිබෙනවා.
කෙසේවෙතත් ඇතැම් ෆේස් බුක් පරිශීලකයන්ට තවමත් මැසෙන්ජර් භාවිත කිරීමට හැකියාව පවතින අතර ඇතැම් අයට එය භාවිත කිරීමට නොහැකි වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ලොව පුරා රටවල් රැසකින් පැමිණිලි ලැබෙමින් ඇතැයි ද සඳහන්.
බ්‍රිතාන්‍යයේ සහ යුරෝපා රටවල මැසෙන්ජර් පළමුවෙන් බිඳ වැටී ඇතැයි හෙළිවී තිබෙනවා.
මීට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
පණිවුඩ හුවමාරු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මැසෙන්ජර් භාවිත කරන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් ද තබා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
පසුගිය 30 වනදා මැසෙන්ජර් ක්‍රියා විරහිත වු අවස්ථාවේදී එහි බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුනා.
ඔවුන් එම බිඳවැටීම පිළිබඳ සමාව ඉල්ලා සිටි අතර එය කඩිනමින් යථා තත්වයට පත් කළ බවයි ප්‍රකාශකර සිටියේ.
COMMENTS