ගාල්ල නගරයේ සුපිරි නිවසක කාමරයක හෙරොයින් කුඩා පැකැට් ආකාරයට සකස් කර මහා පරිමාණයෙන් අලෙවි කරන ජාවාරමක් පිළිබදව පොලිසියට තොරතුරු ලැබී...
ගාල්ල නගරයේ සුපිරි නිවසක කාමරයක හෙරොයින් කුඩා පැකැට් ආකාරයට සකස් කර මහා පරිමාණයෙන් අලෙවි කරන ජාවාරමක් පිළිබදව පොලිසියට තොරතුරු
ලැබී තිබෙනවා. සහෝදරයකු හා සහෝදරියක විසින් මෙය පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට ගාල්ල මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිලධාරින් සමත් වෙලා.
පොලිසියට ලද තොරතුරක් මත විශේෂ මෙහෙයුමක් ඊයේ හැන්දෑවේ දී සිදු කර ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.ගාල්ල රිච්මන්ඩ් පාරේ නිවසක මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ ගාල්ලේ ජනප්‍රිය පාසලක් අසල පිහිටි සුපිරි නිවසක කාමරයකයි .මේ අයියා හා නංගි සතුව තිබී හෙරොයි ගෑම්ස් 05යි මිලි
ගෑම්ස් 350ක් තිබි සොයාගෙන තිබෙන අතර මේවා පැකැට් කරන්නට අවශ්‍ය කටයුතු සිදුකරමින් සුදානමින් තිබු බව ද පොලිසිය කළ විමර්ශනයක දී අනාවරණය වී තිබෙනවා.
ගාල්ල මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ.පො. ප ඩී.ජී ආනන්ද මහතා ඇතුළු නිලධාරිහු මේ සම්බන්ධයෙන් වැටලිම සිදු කළ අතර
සැකකරුවන් අද 17 දින ගාල්ල අධිකරනයට දිරිපත් කරන්නට නියමිතව තිබේනවා.
COMMENTS