ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී සිය එක්දින දිවියේ සුවිශේෂී කඩඉමක් පසු කිරීමේ අවස්ථාවක් ලසිත් මාලිංගට හිමිව ත...
ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී සිය එක්දින දිවියේ සුවිශේෂී කඩඉමක් පසු කිරීමේ අවස්ථාවක් ලසිත් මාලිංගට හිමිව තිබෙනවා.
ඔහුට සිය එක්දින කඩුලූ 300 සීමාව පසු කිරීමට තවත් දවා ගත යුතුව ඇත්තේ කඩුලූ 2ක් පමණයි.
ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග 5ක් පැවැත්වීමට නියමිත අතර එහි පළමු තරගය ලබන 20 වැනිදා රංගිරි දඹුලු ක්‍රිඩාංගණයේදි පැවැත්වෙනවා.
ලසිත් මාලිංග මේ දක්වා එක්දින තරග 199කට ක්‍රීඩා කරමින් දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 298ක්.
ඉන්දීයාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදි මාලිංග මෙම කඩඉම පසුකළහොත් ඔහු කඩුලූ 300 සීමාව පසු කළ සිවුවන ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එක්වනු ඇති.
මේ වන විට එක්දින කඩුලු 300 සීමාව පසු කිරීමට ලොව සමත්ව ඇත්තේ පන්දු යවන්නන්ට 12 දෙනෙකු පමණයි.
මුත්තයියා මුරලිදරන්, සනත් ජයසූරිය සහ චමින්ද වාස්ද ඒ අතර සිටිනවා. ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්ව 3ක් වාර්තා කර ඇති අතර ඉන් දෙකක්ම ඔහු ලෝක කුසලාන තරගාවලි හිදි වාර්තා කර තිබීම විශේෂත්වයක්.
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ කඩුලූ ත්‍රිත්ව දෙකක් වාර්තා කළ පළමු පන්දු යවන්නා ලෙසයි මාලිංග වාර්තා පොත් අතරට එක්ව ඇත්තේ.



COMMENTS