රිතූ ආකර්ෂා මිය ගියා කිව්ව කතාවේ ඇත්ත නැත්ත

රිතූ ආකර්ෂා කියන්නේ පුංචි තිරය හරි ඉක්මණට රංගනයෙන් ආක්‍රමණය කළ නිළියක්. රංගනයට නවක වුණත් බොහෝ දෙනාගේ ආදරය දිනාගන්න ඇයට හැකියාව ලැබුණ...



රිතූ ආකර්ෂා කියන්නේ පුංචි තිරය හරි ඉක්මණට රංගනයෙන් ආක්‍රමණය කළ නිළියක්. රංගනයට නවක වුණත් බොහෝ දෙනාගේ ආදරය දිනාගන්න ඇයට හැකියාව

ලැබුණා. පසුගිය දවස්වල රිතූ ආකර්ෂා ගැන බොහෝ දෙනෙක් කතා කළ නිසා පුවත් පතක සදහන් වෙලා තිබුණු ලිපියක් මේ විදිහට පල කරන්න හිතුවා. මේ ඇය ගැනයි.



ටෙලි නාට්‍ය වලට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


අලුත් ආරාධනා කිහිපයක්‌ ලැබුණා කියන්නේ ඇත්තද?
නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. නාට්‍ය දෙකක වැඩ ඉවරයි.


ඒ කියන්නේ රිතූ මේ දවස්‌වල කාර්යබහුලයි ?
ටිකක්‌ විතර කාර්යබහුලයි. මම ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා මේ වෙනකම් වැඩ තියෙනවා. මට වැඩ නැතිවෙලා නැහැ.


ජනප්‍රියත්වයත් එක්‌ක හැදෙන දෙයක්‌ තමයි ගොසිප්. රිතූ ඒවාට මුහුණදෙන්නේ කොහොමද?
අම්මෝ මම ගොසිප්වලට නම් හරි බයයි.


ඒ මොකද?
ගොසිප් හින්දා. කලාකාරයෝ කලාව කියන දේ හරියට දන්නේ නැති පිරිසක්‌ ගොසිප් හරහා අපිට හරියට මඩගහනවා. ඉස්‌සර නම් මොකක්‌ හරි ගොසිප් එකක්‌ ගියහම
කියනවා ගින්නක්‌ නැතිව දුමක්‌ නගින්නේ නැහැ කියලා. නමුත් අද කාලේ අඩුතරමේ අපිට අපේ සහෝදරයෙක්‌ සමගවත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා
තියෙනවා. අපි දිහා බලන්නේම වැරදි ඇහැකින්.


ඒකට හේතුව ?
කිහිපදෙනෙක්‌ කරන වැරදි හින්දා තමයි මෙහෙම වෙන්නේ. අනික ගොඩක්‌ අය පටලවා ගන්නවා රංගන ශිල්පිණියෝ සහ නිරූපිකාවන්ව. මේ අතරෙත් ඉන්නවා නිළියෝ
සහ නිරූපිකාවන් කියන ගොඩවලට අයිති නැති පිරිසකුත්. මේ ක්‍ෂේත්‍ර දෙකම හොඳ ක්‍ෂේත්‍ර දෙකක්‌. මම අනන්තවත් දැකලා තියෙනවා ජීවිතේට දැකලා නැති අයට ජනප්‍රිය
රංගන ශිල්පිණියෝ කියලා දාලා තියෙනවා. ජීවිතේට මොඩ්ලින්වලින් දැකලා නැති අයට ජනප්‍රිය නිරූපිකාවන් කියලා කියනවා. ෆොටෝ ෂූට්‌ එකක්‌ කරපු පළියට
නිරූපිකාවක්‌ වෙන්නත් බැහැ, නාට්‍යයක්‌ රඟපෑව පළියට ජනප්‍රිය නිළියක්‌ වෙන්නත් බැහැ.


ඔබ නවකයන් එක්‌ක තරහාද?
අයියෝ නැහැ. මම නිරූපණය සහ රංගන කියන දෙකම කරලා තියෙනවා. මේක කලාවක්‌. මිනිස්‌සු ගොඩක්‌ ගොසිප්වලට හුරුවෙලා ඉන්නවා. මමත් ගොසිප්වලට
හුරුවෙලා. උදේ නැගිට්‌ට ගමන් බලන්නේ ගොසිප් සයිට්‌ බලනවා. මට මොනවා හරි දෙයක්‌ කරලා ඇතිද කියලා.


රෑ නිදාගෙන උදේ නැගිටින්නේ හරි බයෙන් ?
අනිවාර්යයෙන්ම. මොකද ගැහැණු ළමයෙක්‌ විදිහට අනිවාර්යයෙන්ම බයයි. අපි සාමාන්‍ය පවුල්වල ළමයි. අපිට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්නවා. මිනිස්‌සු
හිතාගෙන ඉන්නේ අපි වෙනම ලෝකයක ඉන්නවා කියලා. නැහැ අපිත් සාමාන්‍ය මිනිස්‌සු. දෙයක්‌ කරලා නම් බැණුම් ඇහැව්වාට කමක්‌ නැහැ. මොනවත් නොකර කතාන්දර
අහන්න බැහැනේ.


රිතූගේ මියුසික්‌ වීඩියෝවක්‌ පසුගිය දවස්‌වල ගොඩක්‌ දුර ගියානේද?
මට ආදරය කරපු ගොඩක්‌ දෙනෙක්‌ කතා කරලා ඔය කතාව මගෙන් ඇහැව්වා. ඒක මම කරපු දෙයක්‌ නෙමෙයි. මට අදාළ නෑ. නමුත් මනුස්‌සයෙක්‌ ජීවත්වෙලා ඉන්නැද්දී
මනුස්‌සයෙක්‌ව මරන්න බැහැ. හරි කැත විදිහට තමයි ඒ ගොසිප් එක ගිහිං තිබුණේ. මේ වගේ දේවල් පළවුණහම ප්‍රේක්‍ෂකයෝ හිතනවා අපි මේ දේවල් කරනවා
කියලා. අන්තිමේ අපිව ගණන් ගන්නේ නැති ගාණට යනවා.


ඒ ගැන රිතූ කලකිරිලාද ඉන්නේ ?
මියුසික්‌ වීඩියෝඑක ඉතාමත් හොඳ වීඩියෝ එකක්‌. මම මීට කලිනුත් කියලා තියෙනවා මියුසික්‌ වීඩියෝවලට සම්බන්ධවෙන්නේ නැහැ කියලා. දිමංකගේ මේ මියුසික්‌
වීඩියෝවට සම්බන්ධවුණේ සමාජයට ලොකු පණිවුඩයක්‌ දෙනවා. දැන් තියෙන අඩනිරුවත් මියුසික්‌ වීඩියෝ කලාවට වෙනස්‌ කරලා ඊට වඩා දෙයක්‌ කරන්න ඕනෑ කියලා
හිතුණ නිසයි. අද කාලේ ගැහැණු ළමයෙකුගේ නිරුවතක්‌ නැතිව මියුසික්‌ වීඩියෝවක්‌ හිට්‌කරගන්න බැරිවෙලා තියෙනවා. නමුත් මේ මියුසික්‌ වීඩියෝව හොඳ නිර්මාණයක්‌.


ඒ වුණාට අන්තිමේ ඔබ මියගියා කියලා අන්තර්ජාලයේ පුවත් පළවුණා?
ඇත්තටම ටිකක්‌ බයවුණා. ගොඩක්‌ දෙනෙක්‌ ඒ කතාව විශ්වාස කළේ නැහැ. හැබැයි ඩෙංගු හින්දා සමහරු විශ්වාස කළා. මටත් බයහිතුණා. මටත් එක දවසට දුරකථන
ඇමතුම් දහසකට වැඩිය ආවා. මුහුණුපොතේ ගොඩක්‌ දෙනෙක්‌ නිවන් සැප ලැබේවා රිතු කියලා දාලත් තිබුණා. ඒක චුට්‌ටක්‌ බයහිතෙන වැඩක්‌. සමහර වෙලාවට


හිතුණා ඇත්තටම මම මැරුණා නම් මේ වගේ තියේවි කියලා. සමහරු අඬාගෙන කතාකළා. තවත් සමහරු බයවෙලා කතා කළා. එවැනි දේවල් දැක්‌කා.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: රිතූ ආකර්ෂා මිය ගියා කිව්ව කතාවේ ඇත්ත නැත්ත
රිතූ ආකර්ෂා මිය ගියා කිව්ව කතාවේ ඇත්ත නැත්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiL631_zycn4msIGebzLmviMEule8cRmEegk0L4N3L5ukg2NrbKWzmtkBDhaoIpjvQyvWki34Vh4bLBbXfHRfgBtRfrmAoBp7FssI72kPcnDon6ndPAhwNqGvz14czc6DuSti53zotei0M/s640/Ritju.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiL631_zycn4msIGebzLmviMEule8cRmEegk0L4N3L5ukg2NrbKWzmtkBDhaoIpjvQyvWki34Vh4bLBbXfHRfgBtRfrmAoBp7FssI72kPcnDon6ndPAhwNqGvz14czc6DuSti53zotei0M/s72-c/Ritju.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/08/blog-post_62.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/08/blog-post_62.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy