Homesports

ක්‍රිකට් විනාශ කල දූෂීත පාලකයන්ට එරෙහිව ක්‍රිකට් රසිකයන් නිදහස් චතුරස්‍රයේ එක්වේ – ඔබත් එනවාද ?

ලොව හොදම ක්‍රිකට් කණ්ඩායමේ සිට ලොව දුර්වලතම ක්‍රිකට් කණ්ඩායම දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සිදුවූ පසුබැස්මට සෘජුව හේතු වූ ක්‍රිකට්...

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලක්මව බැබළවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්න
Lasith Malinga Tattoo-මාලිංගේ අලුත් ටැටූ එක
Lasith Malinga World Record-ලකුණු 6ට කඩුළු 5යි - නවසිලන්ත ඉණිම සුනුවිසුණු කල මාලිංගගෙන් තවත් ලෝක වාර්තාවක්




ලොව හොදම ක්‍රිකට් කණ්ඩායමේ සිට ලොව දුර්වලතම ක්‍රිකට් කණ්ඩායම දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සිදුවූ පසුබැස්මට සෘජුව හේතු වූ ක්‍රිකට් පරිපාලනය එරෙහිව අප හඩ නැගීම ඇරඹිය යුතුය.

ශ්‍රී ලංකා කන්ඩායම තම මව් රටේදී විදේශ කන්ඩායමකට 3-0 ලෙස පරාජය වීම අප රටේ ක්‍රිකට් තවත් වැටෙන්නට තැනක් ඇතැයි අප කිසිවකුට හිතන්නට යමක් ඉතිරිවී නැත. තමන් නිතර දෙවේලේ ක්‍රීඩා කරන භූමියේ පිටරැටියන්ට එරෙහිව ක්‍රීඩාකර ගත නොහැකිව සේදී යනවානම් මෙහි වගකීම බාරගන්නේ කවුද?

පරාජයන් එකක් දෙකක් ඉවසාගත හැක. උස් පහත් වීම් පොදු ලක්ෂනයකි. එහෙත් විසුමක් නොමැතිව මව් රටේදී පිට රටේදී කියා වෙනසක් නැතිව අතුගෑවී යාමට පරාජය වන්නේ නම් පදනමේ සිට අඩුපාඩු විශාල ගණනක් තිබේ.
ඉන්දියානුවන් තරග 3 ට ඉනිම් 4 ක් ක්‍රීඩා කර වැටී ඇත්තේ කඩුලු 32 ක් පමනයි. එයට අප පන්දු යවන්නන් ලකුනු 1949 ක් ලබා දී ඇත. එවිට අප පන්දු යවන්නන් එක කඩුල්ලක් දවා ගැනීමට සාමන්‍ය ලකුණු 60 ක් ලබා දී ඇත. එනම් පිතිකරුවන් 32 නාම අර්ධ ශතක වාර්ථා කලාක් මෙනි.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන ඇත්තේ ලකුණු 1431 ක් පමනි. ඔවුන් ඉනිම් 6 ම ක්‍රීඩා කර තිබේ. එය එක් පිතිකරුවකුගේ සාමාන්‍ය ලකුනු 23 කි. මේවා දත්ත පමණකි. මේවා විශ්ලේෂණය කිරීමට සුදුසුකම් සැපරූ පුහුණුකරුවෙක් හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට නැත.

දැන් මෙය විශ්ලේෂනය පමනක් කිරීමෙන් පලක් නැත. පිලියම් අවශ්‍යය. තරගාවලි හැම එකක්ම මෑත කාලයේදී පරාජය විය. ඒ හැම අවස්තාවකම පිලියම් සැලසුම් යොදා ඇතිබව පරිපාලනය පැවසුවත් ඊලග තරගාවලිය අන්ත පරාජය වෙයි.

මෙහි වගකීම කිසිවකු ගන්නේ නැත. ඉල්ලා අස්වන්නට කෙනෙක් නැත. පරිපාලනය අසමත් බව පෙන්වා තිබියදී ඉහල පුටුව හුස්ම තදින් අල්ල මෝල් ගස් ගිල්ලා මෙන් රජ ප්‍රකාශ මාධ්‍යට දෙමින් ලොරි ටෝක් දෙයි. ඇමති ක්‍රිකට් ඉහල පුටුවට බයාදු ගතියක් පෙන්වන අතර එහෙයි කියා සිනාසී ඔලුව පහත් කරගෙන ඉන්නවාක් මෙන් ඇස් කන් ඇත්තන්ට පෙනෙයි.

දේශපාලකයන් ක්‍රිකට් ක්‍රිඩාව සින්න කරගෙන හමාරය. වගකීමක් බාරගෙන ඔවුන් ඉල්ලා අස්වීමට කැමත්තක් නැත. ජනතාවද මාධ්‍යද ඔවුන්ට ඉල්ලා අස්වෙන්නැයි බල කරන්නේ ද මතයක් හදන්නේත් නැත. වෙන දෙයක් වන්නට ක්‍රීඩකයන්ගේ අඩුපාඩුවලට බැන වදිමින් ක්‍රිකට් වලින් ඈත්වෙමින් සිටී. ක්‍රීඩකයන් මුදල් වලට පමනක් ක්‍රීඩා කරනවානම් එය පාලනය කිරීම පරිප්පාලනය සතුය. රට වෙනුවෙන් ඔවුන්ට හැගීන් එන්නේ නැතිනම් හැගීම් දනවන්න පරිපාලනයට හැකිවිය යුතුය. එහෙත් මේ ඇතුලත දැවැන්ත මාෆියාවක් ක්‍රියාත්මක බව පැහැදිලිය.

පරිපාලනයට ඉල්ලා අස්වීම හෝ කල නොහැකිනම් කණ්ඩායම හෝ ඉල්ලා අස්වීම සිදු කල යුතුය. ඕනෑම ප්‍රශ්නයකට පිලිතුරු ඇත. ත්‍රස්තවාදීන් සමග ජීවත් වන ඇෆ්ගනිස්තාන්යට ටෙස්ට් ලබාගත හැකිනනම් ලෝක කුසාලන දිනූ රටකට කණ්ඩායමක් ගොඩ නැගීම කජ්ජක් නොවේ. රටේ පලමු පෙල තරග දුර්වල බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවා සදහන් කර ඇත. එය නිවරදි කල යුත්තේ ඇමතිවරයා සහා ඉහල පුටුය. ඔවුන්ට කිසි දැක්මක් නැත. එසේනම් ඔවුන්ට ඉල්ලා අස්වීමට ක්‍රීඩාලෝලීන් හෝ බල කර මතයක් නිර්මානය කල යුතුය.

පසුගි‍ය කාළයේ පමණක් ක්‍රීඩකයන් තිස් ගණනක් අලුතෙන් එක් කර ඇති අතර ඔවුන්ට සිදුවූ දෙයක් නොමැත. ක්‍රීඩකයන් අතරමන් කර දැමීම සනත් ජයසූරීයට පුරුද්දක්ව ඇත.

ඉතින් ඉවසුවා ඇතිය.
අප පුරවැසියන් වශයෙන් අපට විශාල වගකීමක් තිබේ.
අප මේ සදහා කළ හැකි සියල්ල කල යුතුය.
අපගේ ආදරණීය ක්‍රීඩාව බේරා ගත යුතුය.

රසිකයන් වශ‍යෙන් අපගේ වගකීම ඉටුකිරීමට අවස්තාව පැමින ඇත.
දූෂීත ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිදු කෙරෙන සාමකාමී විරෝධතාවයක් ලබන බදාදා (16) හවස පහට නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට සියල්ල සංවිධාණය කර තිබේ. මේ සදහා හිටපු ක්‍රිකට් ක්‍රිඩකයන් , ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ද කිහිප දෙනෙක්ද සහභාගී වීමට නියමිතය
.
අපි අපිට කල හැකි පමණින් අපගේ වගකීම ඉටු කරමු .

“අනිත් අය ඒවි, මම එන්න ඕනේ නෑ’ යන සිතුවිල්ල මත
අනෙකාට වගකීම් පවරා ඔබගේ වගකීම පැහැර හරින්නට එපා.
බුකියට , අන්ත‍ර්ජාලයට සීමා නොවී අප සැවොම එක්වෙමු.

ආදරණීය ක්‍රීඩාව වෙනුවෙන් අපට කල හැකි දේ කරමු.

හරියටම බදාදා හවස පහට , නිදහස් චතුරස්‍රයේදී.. අපි මුණ ගැහෙමු. සටන් කරමු..
Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ක්‍රිකට් විනාශ කල දූෂීත පාලකයන්ට එරෙහිව ක්‍රිකට් රසිකයන් නිදහස් චතුරස්‍රයේ එක්වේ – ඔබත් එනවාද ?
ක්‍රිකට් විනාශ කල දූෂීත පාලකයන්ට එරෙහිව ක්‍රිකට් රසිකයන් නිදහස් චතුරස්‍රයේ එක්වේ – ඔබත් එනවාද ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdA6AySDu2kZaJFGX7A-IUij2JL3YrqCDDpyfhLJKhnwZLfxxkbVZ8QBKYl9E1WA-xs8eNSpU1DTVfjC8crWwCkxhITUrjtJ7Cl-XMUZtwjjOevgjmnEq3i8vSfiiB5cNwx8Qg8Tj58lY/s640/259156.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdA6AySDu2kZaJFGX7A-IUij2JL3YrqCDDpyfhLJKhnwZLfxxkbVZ8QBKYl9E1WA-xs8eNSpU1DTVfjC8crWwCkxhITUrjtJ7Cl-XMUZtwjjOevgjmnEq3i8vSfiiB5cNwx8Qg8Tj58lY/s72-c/259156.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/08/blog-post_53.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/08/blog-post_53.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy