කණ්ඩායමට මෑතකදි එක්වුණු දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නෙ. තවමත් 22 හැවිරිදි වියේ පසුවන කුසල් ගැන මේ දිනවල සමාජ ජාල මාධ්...
කණ්ඩායමට මෑතකදි එක්වුණු දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නෙ. තවමත් 22 හැවිරිදි වියේ පසුවන කුසල් ගැන මේ දිනවල සමාජ ජාල
මාධ්‍යවල බොහෝ දෙනෙකු කතා කරනවා.
ඒ කුසල් මෙන්ඩිස් ආදරයක පැටලිලා කියන කතාව ගැන. කුසල් මේ විදිහට ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ ප්‍රමෝදි කෞෂල්‍යා කියන නිරූපන ශිල්පිනියත්
එක්ක කියලා තමයි දැනගන්න ලැබුණෙ.
මේ දිනවල පැවැත්වෙන ඉන්දීයා - ශ්‍රි ලංකා තරග සංචාරය නිසා කුසල්ට කතා කරන්න බැරිවුණත් මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න හිරු ගොසිප් අපි කුසල්ගේ පෙම්වතිය
යැයි කියන ප්‍රමෝදිට කතා කළා.
ඇය මේ කතාවේ ඇත්ත නැත්ත කිව්වෙ මේ විදිහට...
‘‘කුසල් මගේ හොද යාළුවෙක් විතරයි. අපි අතර ඔය කියන විදිහේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කුසල්ව දන්නේ මිට අවුරුදු දෙක තුනකට කලින්.
ඒ මගේ යාලුවෙක් මාර්ගයෙන්. අපි කතා බහ කරනවා. ඒක ඇත්ත නමුත් මගෙයි එයාගෙයි ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන එකත් අපි විවාහ ගිවිසගෙන කියන
කතාවත් බොරුවක්.
කවුරු හරි මඩ ගහනවා. අනික මට වඩා කුසල් බාලයි. මල්ලි කෙනෙක් වෙන්නේ. මේ සිද්ධියෙන් පස්සෙත් එයා මාත් එක්ක කතා කළා. දිගටම මේ කතාව සමාජ ජාල
වෙබ් අඩවි වල ගියොත් මම අපි නීතිමය පියවර ගන්න හිතාගෙන ඉන්නේ.“
COMMENTS