මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඉන්දියාව හා ලංකාව අතර මේ දින වල පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස...
මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඉන්දියාව හා ලංකාව අතර මේ දින වල පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස හා එක්දින තරග සදහා නායකත්වය ලබා දෙන්නේ උපුල් තරංග.ආරම්භක පිතිකරුවෙක් විදිහට පිවිසෙන උපුල් වමත් පිතිකරුවෙක්.
උපුල් දැන් පෙම්වතෙක්ලු නේද .?
ඔව්. මට පෙම්වතියක් ඉන්නවා.
ඇය මුස්ලිම් යුවතියක් කියලා රාවයක් පැතිරුණා. ඒ කතාව ඇත්තද..?
එයා ගැන ඉදිරියේදී දැන ගන්න පුළුවන්. එයා කවුද මොනවාද කරන්නේ කියලා.
විවාහයට කලවයස හරි කියලා හිතෙන්නේ නැද්ද..?
විවාහ වෙන්න දැන් කාලය හරි කියලා මටත් හිතෙනවා. ළගදීම මම විවාහ වෙන්න ඉන්නේ.
ඔබට ඇයව මුණගැහෙන්නේ ටික කලකට පෙරයි. ඔබ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කළේ නැහැ. ඒ කාලේ ඇය ඔබට මොනවාද කිව්වේ..?
මම ජාතික කණ්ඩායමේ ටික කාලයක් හිටියේ නැහැ. නමුත් ක්‍රීඩා සමාජ තරග සදහා සම්බන්ධ වුණා. එයා ඒ කාලේ මගේ මානසිකත්වය හදන්න උත්සහ ගත්තා. මම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවාද නැද්ද කියන එක එයාට වැදගත් නැහැ. එයා නිතරම හිතන්නේ මම ක්‍රීඩකයෙක් විදිහට සාර්ථක වෙන්න ඕන කියන එක හා මම සතුටින් ඉන්න ඕන කියන එකයි. මම ඉන්න හැම තරගයක්ම එයා බලනවා. විවිධ විදිහට ප්‍රතිචාර දක්වනවා.
උපුල් තරංග කියන්නේ ඉතාමත් කාර්යබහුල ජිවන රටාවක් එක්ක ජිවත් වෙන කෙනෙක්. මේ කාර්යබහුලකම එක්ක පුද්ගලික ජිවිතේට පෙම්වතියට ඉඩක් වෙන් කරන්න කාලය මදි ඇති. නිදහසේ ඔබට ජිවත් වෙන්න වටපිටාව පෙම්වතිය සකස් කරලා දෙනවද..?
එයා මගේ කාර්ය බහුලකම දන්නවා. ඒ නිසා මට නිදහසේ ජිවත් වෙන්න මානසිකසුවයෙන් ඉන්න අවශ්‍ය වපසරිය එයා හදලා දෙනවා. විවේකය ලැබුණු ගමන් මමත් පුද්ගලික ජිවිතේ ගැන හිතනවා.
COMMENTS