36 හැවිරිදි ගුරුවරියක් විසින් තම පංතියේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවෙකුට දාව දරුවෙකු බිහිකළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ ...
36 හැවිරිදි ගුරුවරියක් විසින් තම පංතියේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවෙකුට දාව දරුවෙකු බිහිකළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන්.
36 හැවිරිදි Laura Lynn නැමැති මෙම ගුරුවරිය අදාල සිසුවා සමග 2013 වර්ෂයේ සිට ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇය
ගැබ්ගෙන තිබුණේ 2015 වර්ෂයේදි.
මේ සිදුවීම රහසක් ලෙස තබා ගන්නටත් ඔවුන් දෙදෙනා කටයුතු කර තිබෙනවා. පසුව මෙම ගුරුවරිය දරුවා බිහිකර ඇති අතර මීට දින කිහිපයකට පෙරයි මේ සිදුවීමේ
සුලමුල හෙළිව ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ ගුරුවරිය මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුව ළමා අපයෝජනය සම්බන්ධයෙන් ඇයට ඩොලර්
ලක්ෂයක දඩයක් සහ සිර දඬුවමක්ද ලබා දීමට එරට අධිකරණට පියවර ගෙන තිබෙනවා.




COMMENTS