සැප්තැම්බර් 08 ආර්. ප්‍රේමදාස පිටියේ කරන්න යන විශේෂ වැඩේ මෙන්න, සුපිරි ක්‍රිකට් වැඩ්ඩො සෙට් එකක්ම එයි

ස්වාභාවික අපදා තත්වයන්ට මුහුණදුන් පවුල්වල ළමුන් සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් විශේෂ විස්සයි විස්ස ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට ...





ස්වාභාවික අපදා තත්වයන්ට මුහුණදුන් පවුල්වල ළමුන් සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් විශේෂ විස්සයි විස්ස ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “ක්‍රිකට් ඒඩ්” වැඩසටහන යටතේ මෙය සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ වනචිට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අතර මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.

සැප්තැම්බර් 08 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරඟයක් ලෙස මෙම තරඟය පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව සඳහන්.

දකුණු අප්‍රිකාව, නවසීලන්තය පකිස්තානය සහ බංගලාදේශ යන රටවල ක්‍රීඩකයන් මෙම තරඟය සඳහා එවීමට කැමැත්ත පලකර ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක මයිකල් ක්ලාක්, පකිස්ථාන කණ්ඩායමේ හිටපු නායකයන් වන සහිඩ් අෆ්රිඩි හා මිස්බාහුල් හක් යන ක්‍රීඩකයින්ට මෙම තරඟය සඳහා ආරාධනා කර තිබෙනවා.

මීට අමතරව දකුණු අප්‍රිකාවේ ෆාෆ් ඩු ප්ලේසි සහ ඩේවිඩ් මිල්ලර්, බංගලාදේශ කණ්ඩායමේ මහ්මදුල්ලා, නාසීර් හුසේන්, නවසීලන්තයේ ග්‍රාන්ට් එලියට් සහ ලුක් රොන්චි ද මෙම තරඟයට එක්වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට පැවැත්වෙන තරඟ සංචාරය සැප්තැම්බර් 06 වැනිදා විස්සයි විස්ස තරඟයකින් අවසන් වනවා.

ඉන් පසුව එම විස්සයි විස්ස තරඟය ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩකයන් කිහිපදෙනකු මෙම සුවිශේෂී තරඟයට එක්කර ගැනීමට බලාපොරොතුවන බව සදහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් සහ සුපිරි ක්‍රීඩකයන් කිහිපදෙන්කුට මෙම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර තිබෙනවා.

තරඟයෙන් ලැබෙන සම්පුර්ණ ආදායම පසුගිය කාලයේ ගංවතුර සහ මේ වනවිට පවතින නියඟයෙන් පීඩාවට පත්ව ඇති ළමුන්ට උපකාර කිරීමට යොදා ගනු ඇති.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: සැප්තැම්බර් 08 ආර්. ප්‍රේමදාස පිටියේ කරන්න යන විශේෂ වැඩේ මෙන්න, සුපිරි ක්‍රිකට් වැඩ්ඩො සෙට් එකක්ම එයි
සැප්තැම්බර් 08 ආර්. ප්‍රේමදාස පිටියේ කරන්න යන විශේෂ වැඩේ මෙන්න, සුපිරි ක්‍රිකට් වැඩ්ඩො සෙට් එකක්ම එයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6b3_OB9MKMbR1NW6-IDdHbMBoce2OQGCuF_Q2x8VUKnamqNqj7tBmjKlT6PHlDy3HaBijEQQ3QizAph8msxDgZ_AdHy-QHE1xyXk8VyRGKOqEQ3NtKVnbSu_lKlslhv8lnbM5iQVGsZs/s640/r-premadasa-stadium.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6b3_OB9MKMbR1NW6-IDdHbMBoce2OQGCuF_Q2x8VUKnamqNqj7tBmjKlT6PHlDy3HaBijEQQ3QizAph8msxDgZ_AdHy-QHE1xyXk8VyRGKOqEQ3NtKVnbSu_lKlslhv8lnbM5iQVGsZs/s72-c/r-premadasa-stadium.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/08/08.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/08/08.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy