පුංචි තිරයේ දුවල පැනල දඟකාර චරිත කළාට, වේදිකාවේ නර්තනයේ චමත්කාරවත් වුණාට මෙනකාට තියෙන්නේ ආදරණීය හිතක්.ඒ ගැන මේනකගේ වචනවලින් ම මෙන්න මේ ව...
පුංචි තිරයේ දුවල පැනල දඟකාර චරිත කළාට, වේදිකාවේ නර්තනයේ චමත්කාරවත් වුණාට මෙනකාට තියෙන්නේ ආදරණීය හිතක්.ඒ ගැන මේනකගේ වචනවලින් ම මෙන්න මේ විදිහට අපිට කිව්වා.
හැමවෙලේම හිනාවෙලා ඉන්න මේනකාගේ හිත සතුටින් පිරිලා වගේ?
ඔව්. සතුට කියන දේ ළඟම තියාගන්න මම උත්සහ කරනවා.
ඒ කියන්නේ දුක කියන දෙයිනුත් පාඩම් ඉගෙනගෙනත් ඇති?
අපොයි මොකද නැත්තේ.. ඕන තරම් පාඩම් ඉගෙන ගත්තා.
මේ වෙද්දී ජීවිතය සතුටින් තියෙන්නේ ආදරය ළඟ හින්දමද?
මගේ ජිවිතයට මම හොයැපු ආදරය කවදාවත් හම්බවෙලා නැහැ. සමහරවිට මම ගොඩක් පව් කරලා ඇති. (කතාවත් එක්කම මේනකාගේ හඬ අඩුවුණා)
මේනකා ගොඩක් සංවේදී කෙනෙක් හින්ද විරහව තදින්ම දැනිල තියෙනවා වගේ?
ඔයා හරි මම විරහව තදින් ම අත්වින්ද කෙනෙක්. ඒ ගැන කියන්න තවත් වචන නැහැ.
තමන්ගේ ජිවිතයට ගොඩක් සමීප කෙනා දාල ගියහම අඬල තියෙනවද?
මම එහෙම අන්දපු වාර අනන්තයි.
දුකක් ආවම ඒ දුක තමන්ට ළඟම කෙනා එක්ක කිව්වම දුක නිවෙනවලු?
එතන ඇත්තක් ඇති. එත් මම දුක හිතේ හිර කරගෙන ඉන්නවා. අපේ ප්‍රශ්න තව කෙනෙක්ට කිව්වම ඒ අයටත් බරක් කියලයි මට හිතෙන්නේ. අඩුම තරමේ මම අම්මටවත් කියන්නේ නැහැ.
අඬල ඉවර වුණාම හැමදේම අලුත් වෙනවද?
ඊට පස්සේ මං සින්දුවක් දාගෙන නටනවා. ඒ හැම දෙයින් ම දුක නැතිවෙලා යනවා.
ඔයා ළඟින් හිටි කෙනා දාල ගිහින් කාලෙකට පස්සේ ආපහු හමුවෙලා තියෙනවද?
නෑ.. කවදාවත්ම නෑ…ආපහු හමුවුණොත් කළින් ආදරය ඇතිවෙන්නෙත් නෑ.. මොකද එතකොට අපි ගොඩක් දුරස්තයි.
මේනකා කැමති කොයිවගේ කෙනෙකුටද?
මගේ ටෙස්ට් එකට මියුසික් අහන හොඳ කොල්ලෙකුට
ආදරය, විවාහය ගැන සැහැල්ලුවෙන් හිතනවද?
අනේ නෑ.. මං කැමතියි බැඳලා ලස්සන ජිවිතයක් ගත කරන්න. එත් ඉක්මන් වෙලා බැඳලා ඩිවෝස් වෙන අපේ අයව දැක්කම හිතේ බයකුත් නැතුව නෙමෙයි.
(ජනයුගය – 11-06-2017 )
COMMENTS