මම නිවිච්ච, තැන්පත් කෙනෙක්, ඒක ඉතිං අමුලික බොරුවක් නේ

ලස්සන වගේම හැකියාව කියන දේත් රංගන ශිල්පිනියකට තිබිය යුතුම දෙයක්. හැබැයි ඒ දෙකම හැමෝටම එක විදියට පිහිටන්නේ නැහැ. ඇයට මේ හැමදෙයක්ම අපූරුව...


ලස්සන වගේම හැකියාව කියන දේත් රංගන ශිල්පිනියකට තිබිය යුතුම දෙයක්. හැබැයි ඒ දෙකම හැමෝටම එක විදියට පිහිටන්නේ නැහැ. ඇයට මේ හැමදෙයක්ම අපූරුවට පිහිටලා තියෙනවා. සිය ජීවිතයේ පළමුවැනි ටෙලි නිර්මාණය තුළින්ම ජනප්‍රියම නිළිය සම්මානයට නිර්දේශ වීම ඇය ලැබූ ජයග්‍රහණයක්. පුංචි තිරයට පෑයූ දඟකාර, හැඩකාර පුංචි ගුවන් සේවිකාව අද රසඳුන හැඩ කරන්න එකතු වුණේ මේ අයුරින්.
සම්පූර්ණ නම දිනිති සෙව්වන්දි වල්ගමගේ
ගම ගාල්ල
පාසල ගාල්ල සංගමිත්තා බාලිකා විද්‍යාලය
රැකියාව ගුවන් සේවිකා
කවදද ලංකාවට ගොඩ බැස්සේ?
අද උදේ
‘හාරකෝටියක්’ නිසා ගොඩක් ජනප්‍රිය වගේම කාර්යබහුල වෙලා නේද?
ඔව් ඉතිං. ජොබ් එකයි, ෂූටින් එක්ක ජිවිතේ ගෙවෙන්නේ. මේ දවස්වල ‘හාරකෝටියක්’ ටෙලි නාට්‍ය ගොඩක් ජනප්‍රියයි. ජනප්‍රිය නිසාම තමා, ජනප්‍රියම ටෙලි නාට්‍ය 3 අතරට ඇවිත් තියෙන්නේ.
ප්‍රතිචාර වලින් නම් අඩුවක් නැතිව ඇති?
අම්මෝ ඔව්. යාළුවන්ගෙන්, නෑදෑයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කැමැතියි මගේ රංගනය ගැන කවුරුහරි මගේ අඩුපාඩු පෙන්නවලා දෙනවා නම්.
මේ ඔබගේ පළමුවැනි නිර්මාණය ?
ඔව්.
පළමුවැනි නිර්මාණය තුළින්ම රටේ තියෙන ප්‍රධාන සම්මාන උළෙලක් වන රයිගම් ටෙලීස් හි ‘ජනප්‍රිය නිළිය’ සම්මානයට නිර්දේශ වීම ගැන මොකද හිතෙන්නේ?
ඔය ප්‍රශ්නෙට මගේ යාළුවන්ට තමා thanks කරන්න ඕන. ජනප්‍රිය නිළියන් 5 දෙනා අතරට එන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්. විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන මගේ පාසලේ සහ මගේ company එකේ යාළුවන්ට. ඉතිං ඒ අය තමා මාව මේ තැනට ගෙනාවේ. මමත් දැන් ජනප්‍රියයි කියලා හිතෙනවා. හැබැයි ජනප්‍රියම නිළිය සම්මානය ගන්න කිසිම වුවමනාවක් නැහැ. මට සතුටුයි මෙතැනට ආව එක ගැන. මට ඒ ඇති .
ජයග්‍රහණයට යන්න හීන මවනවා නේද?
මම ඒ ගැන හීන මවලා නැහැ. ලෝකේ වටේ යන්න තමා ලොකුම හීනය වුණේ. ඉතිං මට තිබුණු හැම හීනයක්ම සැබෑ වෙලා ඉවරයි. මගේ ජීවිතේ මම ගොඩක් සරලව ගෙනයන කෙනෙක්.
රංගනය ඔබට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි.
ඔව්. මම වේදිකා නාට්‍ය නිළියක්. මම මුලින්ම වේදිකාවට නගිද්දී මට අවු.3 යි. මම මුල්ම සම්මානය ගන්නේ අවු.7 දී. ඒ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ කුසලතා සම්මානයක්. හැබැයි පොඩි කාලේ ඉඳන් මට රංගන හැකියාවක් තියෙනවා කියලා අම්මා දැනගෙන හිටියා. මගේ තාත්තා නාට්‍ය හා රංග කලාව පිළිබද ගුරු උපදේශකවරයෙක්. ඒ දවස්වල තාත්තා ඩ්‍රාමා කරද්දී මම ගිහින් බලන් ඉන්නවා.
රංගනයේ මහගෙදර පාසල කිව්වොත්?
අනිවාර්යෙන්ම. මගේ පාසල හරහා මට ගොඩක් දුර යන්න ලැබුණා. මම 1 වසරේ ඉඳන්ම ඩ්‍රාමා කළා. පාසලේදී හැම අවුරුද්දෙම වගේ සිංහල, ඉංග්‍රීසි මාධ්‍ය දෙකම යටතේ හොඳම නිළිය සහ හොඳම නළුවා කියන සම්මාන මාරුවෙන් මාරුවට ලැබුණා. සමස්ථ ලංකා තරග වලදී හොඳම නිළිය සහ හොඳම නළුවා කියන සම්මාන දෙකම දිනා ගන්න ලැබුණා. හැම අවුරුද්දෙම වගේ මට මොනවහරි දෙයකින් සම්මානයක් ගන්න ලැබුණා. ඒ නිසා මම ඇගයීමකට ලක් වුණා. මේ ගමනේදී ලොකු සහයෝගයක් පාසල තුළින් ලැබුණා. විශේෂයෙන් කියන්න ඕන ඒ කාලේ පාසලේ හිටිය සරස්වතී දහනායක මැඩම් ගොඩක් උදව් කළා. ඒ වගේම ගුරුවරුත් මතක් කරන්න ඕන. 2009 අවුරුද්දේදී පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව විදියට වැඩ කළා. ඉතිං එකත් එක්ක නාට්‍ය හා නර්තනය කියන දේ අපේ පාසල තුළ ගොඩක් ඉහළින් තිබුණා. ඒ ලැබුණු අභාශයත් එක්ක තමයි මම ඉදිරියට ආවේ.
උසස් අධ්‍යාපනය හරහා ඔබ ගොඩක් ඉදිරියට ගිය කෙනෙක්. ඇයි මේ වගේ
ක්ෂේත්‍රයක් තෝරා ගත්තේ?
මම A/L කළේ විද්‍යා අංශයෙන්. ඒ නිසා මට ශිෂ්‍යත්වයක් ලැබුණා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ ගිහින් ඉගෙන ගන්න. Bio Technology තමා මගේ degree එක. එතැනින් පස්සේ මම ලංකාවට ඇවිත් Sri Lankan Airlines එක්ක සම්බන්ධ වුණා.දැන් ඒකට ඇවිත් අවු. 2ක් වෙනවා. ටෙලි නාට්‍ය නිළියක්වත්, වෘත්තිමය නිළියක් වෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. මම ටෙලි නාට්‍යයට සහභාගී වෙන්නේ චාමර සමරවික්‍රම අයියා නිසා. එයා මට ගොඩක් ටෙලි නාට්‍ය වලට කතා කළා. මට වෙලාවක් තිබුණේ නැහැ ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න. මම විනෝදාංශයක් විදියට තමා රංගනය කියන දේ කරගෙන යන්නේ.
ඒ ලැබුණු අත්දැකීම කොහොමද?
අනිත් අයට කොහොමද කියන්න මම දන්නේ නැහැ. මට මාරම සපෝටින් එකක් ලැබුණා. ශිවා අයියා ජීවිතේටවත් හිත රිද්දෙන්නේ නැහැ. මට කොච්චර වැරැදුනත් හරි අපි ඒක ගමු,ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ශද්ධා අයියා තමා ‘අභිෂේකා’ කියන චරිතය ලියන්නේ. මේ වෙලාවේ මුළු crew එකටම ස්තුති කරන්න ඕන.
මිට කලින් කලාවට ආවා නම් කියලා හිතිලා නැද්ද?
එහෙම හිතිලා නැහැ. මට මේකට කැපවෙලා කරන්න වුවමනාවක් තිබුණේ නැහැ.මගේ හිතේ තිබුණේ රට රටවල් වලට යන්න සහ ඒ දේවල් බලන්න. කලාව කියන දේට මම ගොඩක් ආසා කළා. මම බැංග්ලෝ වල දීත් නර්තනයට සම්බන්ධ වුණා. මම හොඳම නර්තන ශිල්පිනිය ලෙස අවු. 3 දීම සම්මාන ලැබුණා. මම කලාව කියන දේ නවත්තලා තිබුණේ නැහැ. මම ලංකාවට ඇවිල්ලා වේලාව එනතුරු බලාගෙන හිටියා. ඉතිං මට කලාවට එන්න හොඳම වේලාවේ මම ආවා.
ඔබ ගුවන් සේවිකාවක් වුණේ කාගේ වුවමනාවකටද?
මගේ වුවමනාවට. ඒ දේට කවුරුත් කැමැති වුණේ නැහැ. මගේ ආසාව නිසා තාත්තා මට ඉඩ දුන්නා.
ඇත්තද, දිනිති හැඩකාරයි, කටකාරයි, දඟකාරයි කියන්නේ?
මට කියන්න පුළුවන් මම නිවිච්ච, තැන්පත් කෙනෙක් කියලා. ඒක ඉතිං අමුලික බොරුවක් නේ.මම හිතනවා ඔයා කිව්වා දේ හරි කියලා.
(සිළුමිණ – 2017.06.10)

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: මම නිවිච්ච, තැන්පත් කෙනෙක්, ඒක ඉතිං අමුලික බොරුවක් නේ
මම නිවිච්ච, තැන්පත් කෙනෙක්, ඒක ඉතිං අමුලික බොරුවක් නේ
https://www.rajagossip.com/wp-content/uploads/2017/06/dinithi.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/06/blog-post.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/06/blog-post.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy