ශ්‍රී ලාංකික තරුණයෙක් සමඟ සිව් වසරක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ චීන ජාතික තරුණියක් ඔහු සොයාගෙන ලංකාවට පැමිණි පුවතක් නාවලපිටියෙන්...
ශ්‍රී ලාංකික තරුණයෙක් සමඟ සිව් වසරක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ චීන ජාතික තරුණියක් ඔහු සොයාගෙන ලංකාවට පැමිණි පුවතක් නාවලපිටියෙන් වාර්තා වනවා.
අදාළ තරුණිය ජපානයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතර තරුණයා කොරියාවේ රැකියාවේ නිරත අයෙකු බවටයි වාර්තා වන්නේ.
එම තරුණයා ජපානයේ සංචාරයක නිරතවූ අවස්ථාවකදීයි මෙම තරුණිය හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතාව අරඹා ඇත්තේ.
එහිදී එම තරුණයා විසින් අදාළ චීන ජාතික තරුණියට පොරොන්දු වී ඇත්තේ ලංකාවට ගොස් නැවත ජපානයට පැමිණ ඇයව විවාහ කරගන්නා බවයි.
කෙසේ වෙතත් පොරොන්දු වූ ආකාරයට නැවත එම තරුණයා ජපානයට නොපැමිණීම හේතුවෙනුයි එම තරුණිය ලංකාවට පැමිණ ඇත්තේ.
එලෙස පැමිණ තරුණිය තමන් විවාහ කරගන්නා ලෙස තරුණයාට පවසා ඇති අතර ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඇය නාවලපිටිය පොලිසියට ගොස් අදාළ සිදුවීම පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.
මීට පෙර එක්වතාවක් තරුණිය ලංකාවට පැමිණ ඇති අතර එම අවස්ථාවේ නවාතැන් ගෙන ඇත්තේ මෙම තරුණයාගේ නිවසේ බවටයි පොලිසියේදී අනාවරණ වී ඇත්තේ.
මේ පිළිබඳව චීන ජාතික තරුණිය පවසන්නේ මෙවැන්නක්.
මම මෙයත් එක්ක අවුරුදු හතරක් තිස්සේ යාලු වෙලා හිටියා. බඳිනවා කියා පොරොන්දු වූ නිසා අපි සමීප ඇසුරක් පවත්වාගෙන ගියා. මෙයා ලංකාවට ගිහින් ආපසු ආ ගමන් බඳිනවා කියා පොරොන්දු වුනත් මා හොයාගෙන ආවේ නෑ. මෙයා නැතිව මට ඉන්න බෑ. මම මෙයාට මගේ පණටත් වඩා ආදරෙයි. කොහොම හරි මට මෙයාව විවාහ කර දෙන්න. ඒ නිසයි මම මෙයාව හොයාගෙන ලංකාවට ආවේ. මම මෙයාගේ ගෙදරට යනවිට එයා මාව මගහැරියා. කොහේදෝ ගිහින් හිටියේ. මෙයා එනකම් මම ඒ ගෙදර නැවතිලා හිටියා. ඒත් ආවේ නෑ. මෙයාගේ අම්මයි තාත්තයි හරිම හොඳයි. මට හොඳට සැලකුවා.
මේ පිළිබඳව ශ්‍රී ලාංකික තරුණයා පවසන්නේ මෙවැන්නක්.
මෙයා විවාහ කරගන්න මගේ කිසිම අකමැත්තක් නෑ . ඒත් මෙයා විවාහ වෙලා ලංකාවේ පදිංචි වෙන්න බෑ කියනවා. ඒ විතරක් නොවෙයි නාවලපිටියේ මට තියන දේපොළ විකුණලා ඒ සල්ලිත් අරන් එන්න කියනවා. එයාගේ රටේ පදිංචියට යන්න. මෙහේ තියන දේපොළ විකුණන්න මම කැමති නෑ. මම මගේ අම්මවයි තාත්තවයි බලාගන්න ඔනෑ. මෙයා අපේ රටේ පදිංචියට එන්න කැමතියි නම් විවාහ කරගන්න කැමතියි එහෙම නැත්නම් බෑ.
කෙසේ වෙතත් අදාළ යෝජනාවට එම තරුණිය අකමැති වී ඇත්තේ තම දෙමව්පියන් එරට තනිකළ නොහැකි බව පවසමින්.
ඒ අනුව අදාළ තරුණයා සහ තරුණියගේ එකඟතාවය අනුව තරුණිය ප්‍රකාශ කර ඇත්තේ අමාරුවෙන් වුවත් තමන් තරුණයාව හිතෙන් ඉවත්කරගන්නා බවයි.
එහිදී තරුණිය ප්‍රකාශ කර ඇත්තේ නැවතත් තමන් එම තරුණයා සොයා නොපැමිණෙන බවයි.
තරුණිය එළඹෙන ඉරිදා මෙරටින් පිටව යාමට නියමිතව ඇති අතර එතෙක් තරුණියට නවාතැන් සැපයීමට තරුණයාගේ දෙමව්පියන් එකවී තිබෙනවා.
අනතුරුව පොලිසිය වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල ඉල්ලා අස්කරගත් තරුණිය නැවත රටින් පිටවන තුරු පෙම්වතාගේ නිවසේ නවාතැන් ගැනීමට ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
COMMENTS