HomegossipGallery

Heily teledrama derana TV-Heily teledrama cast-දෙස් විදෙස් රංගන ශිල්පීන් එකතු කළ හේලි

ධනුෂ්ක ‘වෙස්’ පෙරළියෙන් පස්සේ අලුත් ටෙලි අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ගේන්න සූදානම් නේද? ඔව්. වෙස් ටෙලි නාට්‍යයෙන් පස්සේ ඊට වඩා වෙනස් කතා තේමාව...

Deweni Inima Star Marvel - දෙවෙනි ඉනිමෙන් කොපි කල සිනමා චරිත
Thaala film- කලණි දොඩන්තැන්න රහසක් හෙලි කරයි
Tik Tok Lochana Jayakodi -ලොචනාගෙ ඉස්සර හැටි බැලුවොත් පුදුම හිතෙයි


ධනුෂ්ක ‘වෙස්’ පෙරළියෙන් පස්සේ අලුත් ටෙලි අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ගේන්න සූදානම් නේද?
ඔව්. වෙස් ටෙලි නාට්‍යයෙන් පස්සේ ඊට වඩා වෙනස් කතා තේමාවක් ගෙනෙන නාට්‍යයක් කරන්න ඕනේ කියලා හිතුවා. වෙනස් සංකල්පයක් අනුව නිර්මාණය කළ මගේ අලුත්ම නාට්‍ය තමයි හේලි කියන්නේ.

කතා සංකල්පයෙන් විතරමද ඒ වෙනස ගේන්නේ?

කතා වස්තුවේ වෙනස විශේෂයි. ඒ වගේම මෙහි රංගනයට දේශීය විදේශීය රංගන ශිල්පීන් එකතු වෙනවා. කිසිම නාට්‍යයක පාවිච්චි නොකරපු ලොකේෂන් ‘හේලි’ නාට්‍යය වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ වෙනස්කම් මේ නිර්මාණය තුළ දකින්න පුළුවන් කිව්වොත් හරි.

අපිට හුරුපුරුදු රංගන ශිල්පීන් වුණත් ‘හේලි’ තුළ වෙනස් විදිහට දකින්න පුළුවන් නේද?

ඔව්. විශේෂයෙන් අශාන් ඩයස් චිත්‍රපටවලනේ රඟපාලා තියෙන්නේ. ‘හේලි’ කියන්නේ අශාන් රඟපාන පළමුවැනි ටෙලි නාට්‍යය. ඒ වගේම නෙහාරා අවුරුදු ගාණකට පස්සේ නැවැත කරළියට එන නාට්‍යයත් ‘හේලි’. මාත් එක්ක මීට කලින් වැඩ කරපු රංගන ශිල්පීන්, ශිල්පිනියන් වුණත් ප්‍රේක්ෂකයාට අලුත් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම විදේශීය රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගනයන් මේ නිර්මාණයට එකතුවෙලා තියෙනවා.

මෙහි ප්‍රධාන චරිත නිරූපණය වන ‘හේලි’ වෙනුවෙන් රංගන දායකත්වය ලබාදෙන්නෙත් විදේශීය රංගන ශිල්පිනියක්. ඇයව මේ නිර්මාණයට දායක කරගන්න විශේෂත්වයක් තිබුණද?

රුසියානු සම්භවයක් තිබෙන ‘ඇමි’ තමයි මේ නාට්‍යයේ ‘හේලි’ කියන ප්‍රධාන චරිතය රඟපාන්නේ. පිටපත තුළින්ම ඉල්ලා හිටපු නිසා තමයි මෙයට විදේශීය රංගන ශිල්පිනියක් දායක කරගෙන තිබෙන්නේ. තිළිණ කියන මගේ යාළුවෙක් හරහා තමයි මට ඇමීව සම්බන්ධ කරගන්න ලැබුණේ. බොහෝදෙනෙක් බලලා රංගනය, සටන් මේ සියල්ල හේලි චරිතය තුළ තිබෙන නිසා ඒ සියල්ල පුළුවන් කෙනෙක් විදිහට ඇමීව එයට සම්බන්ධ කරගන්න හිතුවා.

‘හේලි’ මාධ්‍ය නාලිකාවේ ඉල්ලීමට කළ නිර්මාණයක්ද? නැතිනම් ධනුෂ්කට ඕන විදිහට කළ නිර්මාණයක්ද?

ඇත්තටම මටයි හේලි නාට්‍යයේ නිෂ්පාදකවරයාටයි ඕන වුණා අපිට ඕන විදිහට මේ නිර්මාණය කරලා නාළිකාවකට දෙන්න. මාධ්‍ය නාළිකාවත් එක්ක කළොත් යම් යම් සීමා බාධක එන්න පුළුවන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය විදිහට නිර්මාණය කරලා නාළිකාවකට දෙන්න අපි හිතුවා.

‘හේලි’ මුල මැද අග දැනටමත් නිශ්චය වුණු නිර්මාණයක්ද?

ඔව්. මේ ටෙලි නාට්‍යය කොටස් සියයක වගේ ටෙලි නාට්‍යයක්. අපි කතාවේ මුල, මැද, අග නිශ්චිතව ඉවර කරලා තියෙනවා වගේම රූගත කිරීම්වලත් සියයට අනූවක් විතර ඉවර කරලා තියෙන්නේ.

‘හේලි’ ටෙලි නිර්මාණයෙන් ඔබට කරන්න අවශ්‍ය වුණු දේ එළියට ගන්න රංගන ශිල්පීන්ගෙන් හොඳ දායකත්වයක් ලැබුණාද?

ඔව්. අශාන් චිත්‍රපටවල විතරනේ රඟපාලා තිබුණේ. චිත්‍රපටයි, ටෙලි නාට්‍යයි කියන්නේ වෙනස් මාධ්‍ය දෙකක්. අශාන් එක්ක වැඩ කරන්න කලින් මම හිතුවේ ඔහු ආඩම්බරකාර චරිතයක් කියලා. නමුත් ඔහු එහෙම නැහැ. ඔහු එක්ක වැඩ කරන්න හරිම පහසු වුණා. වෘත්තීයමය මට්ටමෙන් වැඩ කරද්දි අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දේ ඔහුගෙන් ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඔහු චරිතය වෙනුවෙන් උපරිම කැපවුණා. මඩ කාගෙන, මඩ නාගෙන සමහර අවස්ථාවල ඔහුට රංගනයට දායක වෙන්න වුණා. නෙහාරා වුණත් සටන්වලට වෙනම පන්තිවලට ගිහින් ඒවා ඉගෙනගෙන තමයි රංගනයට දායක වුණේ. ප්‍රවීණ, අලුත් සියලුම රංගන ශිල්පීන්, ශිල්පිනියන් තමන්ගේ වැඩක් කියලා හිතාගෙන මේ නිර්මාණයට උපරිම සහයෝගය දුන්නා.

ඔබ අධ්‍යක්ෂණය කළ ‘වෙස්’ ටෙලි නිර්මාණය බොහෝදෙනෙක්ගේ් ආකර්ෂණය දිනාගත්තා. ‘හේලි’ නාට්‍යයත් ප්‍රේක්ෂකයෝ දිනාගනියිද?
ඒ ගැන මට අනාවැකි කියන්න බැහැ. මම වෙස් නාට්‍ය කළෙත් එහෙම ලොකු බලාපොරොත්තු තියාගෙන නෙමෙයි. මේ නිර්මාණයත් කොයි විදිහට ප්‍රේක්ෂකයෝ දිනාගනියිද කියලා කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් ‘හේලි’ සීමිත ප්‍රේක්ෂක පිරිසක් තමයි අල්ල ගන්නේ.

ඇයි එහෙම කියන්නේ?

‘හේලි’ විද්‍යා ප්‍රබන්ධ පැත්තට බර කතාවක්. එහි තිබෙන කතාවස්තුව තාරුණ්‍යය එක්ක යන කතා වස්තුවක්. වයස අවුරුදු පනහෙන් හැටෙන් ඉහළ පිරිස මේ නිර්මාණය කොහොම භාරගනියිද දන්නේ නෑනේ. ඒකයි.

ධනුෂ්ක රත්නායක කියන රංගන ශිල්පියාත් මේ නිර්මාණය තුළ ඉන්නවාද?

ඔව්. මමත් මෙහි සුළු චරිතයක් කරනවා. වෙස් ටෙලි නාට්‍යය කළාට පස්සේ මම හිතුවා ආයෙත් මම අධ්‍යක්ෂණය කරන නාට්‍යයක රඟපාන්නේ නෑ කියලා. නමුත් ඒ කාලේ ඉඳන් බොහෝ අය මගේ මනස වෙනස් කළා, එහෙම කරන්න එපා කියලා. ඒ නිසා මම ‘හේලි’ නාට්‍යය තුළත් සුළු චරිතයක් කරනවා.

ඒ කියන්නේ ඔබ තුළ ඉන්න රංගන ශිල්පියාව අතුරුදන් වෙන්න ඉඩ තියන්නේ නෑ වගේ?

මම රංගන ශිල්පියෙක් විදිහටනේ බොහෝදෙනා දන්නේ. මම අධ්‍යක්ෂවරයෙක් කියලා සමහරු දන්නෙ නෑ. ඒ නිසා රංගන ශිල්පියාවත් පුළුවන් තරම් ජීවත් කරවනවා.

වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට දැන් ධනුෂ්ක සම්බන්ධ වෙන්නේ නැද්ද?

අධ්‍යක්ෂණය කියන්නේ භාරධූර වැඩක්. වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙද්දී කාලය කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් ඇතිවෙන්න පුළුවන් නිසා තමයි මම වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට සම්බන්ධ වුණේ නැත්තේ. නමුත් වෙනත් අධ්‍යක්ෂවරයෙක්ගේ වුණත් හොඳ වැඩකට කතා කළොත් සම්බන්ධ වෙනවා.

ඔබ වඩා කැමැති ඔබ තුළ ඉන්න අධ්‍යක්ෂවරයා ජීවත් කරවන්නද? රංගන ශිල්පියා ජීවත් කරවන්නද?


අධ්‍යක්ෂවරයා ජීවත් කරවන්න තමයි වඩා කැමැති. රංගන ශිල්පියාට වඩා අධ්‍යක්ෂවරයාට පැවරෙන කාර්යභාරය වැඩියි. මම හිතනවා රංගන ශිල්පියෙක් විදිහට මම තුළ දුර්වලකම් තියෙනවා. හේතුව තමයි අධ්‍යක්ෂණයේදි වගකීම් වැඩි නිසා රංගන ශිල්පියාගේ භුමිකාව ඇතුළේ ජීවත් වෙද්දී ඒ වෙනුවෙන් කරන්න තියෙන කැප කිරීම් කරන්න වෙන්නේ අඩුවෙන්. ඒ නිසා රංගනයේදී මම තෘප්තිමත් නොවන අවස්ථා තියෙනවා.

ඉදිරි නිර්මාණ වෙනුවෙන් සැලසුමක් තියෙනවාද?

ඔව්. චිත්‍රපටයක් කරන්න මූලික අඩිතාලමේ ඉන්නේ.




තිළිණි කෞශල්‍යා විජේසිංහ


































Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Heily teledrama derana TV-Heily teledrama cast-දෙස් විදෙස් රංගන ශිල්පීන් එකතු කළ හේලි
Heily teledrama derana TV-Heily teledrama cast-දෙස් විදෙස් රංගන ශිල්පීන් එකතු කළ හේලි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYKyEEThNgsO4TGw520DlJZDEmzTv_J5yG1UhzHqy9NqTDkB8g0p1hIFdLwp5PJHR1ClnVmswiMTGUXKqM1kXm59Wl8XzSAQpcqWgh4V7flz6DlXcTZqV2aTO1oWOhP6bfwv84FO3hIlw/s640/2019-09-19-ent-97.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYKyEEThNgsO4TGw520DlJZDEmzTv_J5yG1UhzHqy9NqTDkB8g0p1hIFdLwp5PJHR1ClnVmswiMTGUXKqM1kXm59Wl8XzSAQpcqWgh4V7flz6DlXcTZqV2aTO1oWOhP6bfwv84FO3hIlw/s72-c/2019-09-19-ent-97.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/11/heily-teledrama-derana-tv-heily.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/11/heily-teledrama-derana-tv-heily.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy